හේමාල්ව කිස් කරාට අදටත් මට ගැහැණු ළමයි බනිනවා එයාල ඉරිසියයි කරලියට අලුතෙන්ම එන මනෝජා ප්‍රනාන්දු

නිස්සාර, රාධාවනී, මතක වැනි ගීත රූප රචනාවල සහා පොදු පානාමංකඩ වගේ ටෙලි කතාවලින් මන බඳින රංගන විලාශයකින් බොහෝ දෙනාට එන ඇය තමයි මනෝජා ප්‍රනාන්දු.එකපාරටම පොදු කතාවෙන් කරලියට ආපු කොන්ඩේ කර්ල් කළු කෙල්ල ගැන හැමෝම වගේ කතා කරා ඒ වගේමයි පොදු ටෙලි කතාව රටේම ජනප්‍රියවුනා ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ මේ සුන්දර තරුණිය කියූ ඇගේ විස්තර ටිකක්.

ටෙලිනාට්‍ය කලාවේ ඇගේ ගමන පටන් ගන්නේ පානාමංකඩ ටෙලිකතාවෙන් හැබැයි ඇය මුලින්ම එලියට එන්නේ පොදු කතාවෙන්.යශ් වීරසිංහ කියන මගේ යාළුවා තමයි මේ නාට්‍යයේ තිර පරීක්ෂණය ගැන මට කියන්නේ. ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න කැමැත්තකින් හිටියේ නැති නිසා මම එයට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් හිටියේ නෑ. නමුත් සමන්ත අයියගේ පිටපතක් කියලා දැන ගත්තට පස්සේ මම තිර පරීක්ෂණයට සහභාගී වුණා. ඊට පස්සේ තමයි මාව පානාමංකඩ නාට්‍යයට තේරුණේ කියලයි ඇය කියන්නේ.මම පොදු නාට්‍යයට දෙවැනියට සම්බන්ධ වුණාට ඒක තමයි මුලින්ම ප්‍රේක්ෂකයන් අතරට ආවේ.පොදු නාට්‍යයෙන් මට ලොකු ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබුණා. නාට්‍යයට සම්බන්ධ වුණාට පස්සේ මට හිතුණා ඒකට සම්බන්ධ වීම කොච්චර වටිනවද කියලා එදා ඉදන් තමයි මම ටෙලිනාට්‍ය වලට සම්බන්ද වුනේ,

පොදු කතාවේ දගකාර කටකාර චන්ඩි කෙල්ලෙක්ගෙ චරිතයක් රගැපාවට පානාමංකඩ ටෙලි කතාවේ ඇය කරන්නේ ගැමි චරිතයක් ඒක වෙනස්ම අද්දැකීමක් කියලා තමයි ඇය කියන්නේ.පානාමංකඩ දැවැන්ත නිර්මාණයක්. අධ්‍යක්ෂවරයාගේ ඉඳන් නිර්මාණයේ සියලු දෙනාම ලොකු අවදානමක් අරගෙන කළ නිර්මාණයක් මේක. මගේ පළවෙනි වැඩේ විදිහට මටත් ලොකු අභියෝගයක් තිබ්බා. රනිල් අයියගේ ලක්ෂ්මන් සර්ගේ සහ ප්‍රවීණයන් සියලු දෙනාගේ සහයෝගය එක්ක සාර්ථකව රංගනයට එකතු වෙන්න මහන්සි වුණා.

මම මුලින්ම සම්බන්ද වෙන්නේ මියුසික් වීඩියෝ වලට ඊට පස්සේ මට සිනමාවට ආරාධනා ලැබුනා ටෙලි කතා වලට කලින් ඒක නිසා මම ටෙලි කතාවලට එන්න කැමතිවුනේ නැහැ.හැබැයි පලවෙනි කතාවෙන් පසුව මම ටෙලි නාට්‍ය රංගනයටත් ආසාකරා.අනික ලෝකෙම පවතින වසංගත තත්වය නිසා සිනමාවට අත්වුණු ඉරණම නිසාත් මම නාට්‍ය වලට එන්නම ඕනේ කියලා හිතුවා.පුංචි කාලේ මම නර්තනය ප්‍රගුණ කළ කෙනෙක්. නර්තනය එක්ක රංගනයත් වැඩි දියුණු කරගන්න වුණා. උසස් අධ්‍යාපනයටත් විෂයක් ලෙස රංගනය හැදෑරුවා. ටිකෙන් ටික රංගනයට ආරාධනා ලැබෙද්දි මගේ ගමන රංගනය ඔස්සේ යන්න පටන් ගත්තා.

පොඩි කාලේ මම ගොඩක් චිත්‍රපට බැලුවා. රංගනයට පුංචි කාලේ ආසාවක් තිබ්බට ටිකක් ලොකු වෙද්දි රංගනයට එන්න පොඩ්ඩක්වත් කැමැත්තෙන් හිටියේ නෑ. කොහොම වුණත් පුංචිම කාලේ හිතේ තැන්පත් වුණ ආසාව තමයි දැන් එළියට ඇවිත් තියෙන්නේ.කලින් නොතිබුනාට දැන් රංගනයෙන් ඉදිරියට යන්න උවමනාව තියෙනවා. හැබැයි මම හැම නිර්මාණයක්ම බාරගන්න කෙනෙක් නෙමෙයි. තෝරාගන්න වැඩ ඇතුළේ මතක හිටින හොඳ දෙයක් කරන්න මම කැමැතියි.නිර්මාණයේ අධ්‍යක්ෂවරයා කවුද, පිටපත ලිව්වේ කවුද, කතාව මොකක්ද, නිර්මාණයේ ඉන්න නළු නිළියෝ කවුද කියන හැමදේම බලලා තමයි නිර්මාණයකට මම සම්බන්ධ වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ.සිපගැනීමේ දර්ශනයක් වුණත් මම දැන් කරන්න ලෑස්තියි කියලා තමයි මනෝජා කියන්නේ.

ගොඩක් වැඩ මම අතහරිද්දී එයාලා හිතන්නේ මම ගණන් උස්සනවා මගේ ගණන් වැඩි මම පණ්ඩිත කෙල්ලෙක් කියලයි ඒ උනාට පස්සේ එයාලම තේරුම් ගන්නවා මම මොනවගේ කෙනෙක්ද කියලා මේ වෙද්දී මට ලැබුණු වැඩ ගොඩක් මම අතහැරලා තියෙනවා.හැම වැඩේටම සම්බන්ධ වෙලා නිතර නිතර පේන්න ඉන්න මම කැමති නැහැ. ඕනම කෙනෙක් එක දිගට පෙනෙද්දි එපා වෙනවා කියන දේ ප්‍රේක්ෂකයෙක් විදිහට මටත් දැනිලා තියෙනවා. ඒ නිසා නිතර පෙනිලා ඉක්මනින් එපා වෙන්න මම කැමැති නැහැ එක නිසා මම මට එන හැම වැඩක්ම බාරගන්නෙත් නැහැ පැන පැන වැඩ ගන්නෙත් නැහැ හැම වේලාවෙම පෙනී ඉන්න බලෙන් ප්‍රසිද්දවෙන්න මට ඕනේ නැහැ

මගේ නිර්නායක යටතේ ලැබෙන නිර්මාණය මට හොඳයිනම් මම එයට සම්බන්ධ වෙනවා. සිප ගැනීමේ දර්ශනයක් වුණත් කරන්න තිබ්බොත් මිනිස්සු මෙහෙම හිතයිනේ කියලා නොකර ඉන්නේ නෑ. නිර්මාණය ගැන හොයලා එයට සම්බන්ධ වෙනවා. මට මගේ පවුලෙනුත් නිදහසක් දෙන නිසා මනස නිදහස්ව තියාගෙන වැඩ කරන්න පුළුවන් නිසා මම සම්බන්ද වෙනවා මට එන්න තියෙන විවේචන ගැනවත් ඇදුම් පැළදුම් ගැනවත් පෙනී ඉන්න දර්ශනය ගැනවත් නෙවෙයි මම හිතන්නේ මම කරන වැඩේට තමා මම මුල්ම තැන දෙන්නේ.විවේචන එල්ල වෙයි කියන බයෙන් වැඩ කරන්නේ නෑ.

හැමෝම රංගන ශිල්පිනියන් ශිල්පින් ගැන එක එක කතා කියනවා කලාවේ රැදෙන්න ලොකු ලොක්කෝ එක්ක ඉන්න ඕනේ අනම්මනම් දේවල් ඒත් ඇත්තටම රංගන ක්ෂේත්‍රය ගැන මමත් පොඩි කාලේ එක එක කතා අහලා තිබ්බා. ඒත් මට නම් රංගන ක්ෂේත්‍රයේ නරකක් දැනිලා නෑ. මම හැමෝම එක්ක හොඳින් වැඩ කරනවා. මටත් එකට වැඩ කරන අය ආදරෙයි. මම දර්ශන තලයේ නැත්නම් පාළුයි කියලත් ගොඩක් අය කියනවා. තමන් හොඳයි නම් පාඩුවේ අපේ ගමන යන්න බැරි නෑ අපිට තරගයක් නැහැ එන වැඩේ හරියට කරානම් අපිව හොයාගෙන එනවා අපි කාගේවත් පස්සෙන් යන්න ඕනේ නැහැ.ලංකාවේ රංගනය වෘත්තිය කරගෙන ජීවත් වෙන්න අමාරුයි. හැබැයි දැනට මම රංගනය විතරයි කරන්නේ. මගේම ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ කියන අදහසක මම ඉන්නවා.

පොදු නාට්‍යයේ එකට රංගනයෙන් සම්බන්ධ වුණ රන්දික සහ ඔබ අතර සම්බන්ධයක් තිබුණා කියලා කටකතා පැතිරුණා ඇත්තටම එහෙම දෙයක් නැහැ අපි හොද යාළුවො රන්දික අයියව මම පොදු නාට්‍යයට සම්බන්ධ වෙන්න කලින් ඉඳන්ම දන්නවා. එයා මගේ සහෝදරයා වගේ. එයා මගේ පවුලේ අයටත් කිට්ටුයි. මගේ පවුලේ අයත් එයාට ආදරෙයි. එයාගේ රහස් මම දන්නවා, මගේ රහස් එයා දන්නවා. පොදු නාට්‍යයෙන් පස්සේ අපේ සහෝදරත්වය වැඩිවුණා කියලා තමයි මට හිතෙන්නේ.මම ආදරේ කරපු කෙනෙක් හැබැයි දැන්නම් මට ආදරයක් නැහැ මම පෙම්වතියක් නෙවෙයි දැන්.මට තරුණයන්ගේ ආකර්ෂණය නොඅඩුව ලැබෙනවා නිස්සාර සංසාර ගීතයේ රූප රචනයත් එක්ක තමයි ඒ ආකර්ෂණය ලැබෙන්න ගත්තේ. ඒ ලැබුණ ආකර්ෂණය තවමත් තියෙනවා.

මතක රූප රචනය එක්ක ගැහැනු ළමයි බණින්න ගත්තා ඒ හේමාල් අයියාව සිපගත්තා කියලා හේමාල් අයියට කැමැති ගෑනු ළමයි මට බණිද්දි මට කැමති පිරිමි ළමයි හේමාල් අයියට බැණලා තිබ්බා.හැබැයි අපි දෙදෙනා සිපගත්තේ අපේ රංගනයට විතරයි එතනින් පස්සේ අපිට එහෙම සම්බන්ද කමක් තිබුනේ නැහැ මම ඕනම වැඩක් ගැන හොඳට හොයලා බලලා තමයි සම්බන්ධ වෙන්නේ. නළුවා කවුද කියන දේ මට අදාළ නෑ. මොකද මම කරන්නේ රංගනයක්. ඒ මගේ ඇත්ත ජීවිතය නෙමෙයි. ඒ නිසා නිර්මාණය හොඳ නම් මම එයට සම්බන්ධ වෙනවා.නිස්සාර කියන්නේ හරිම ලස්සනග ගීතයක් ඒ වගේ එකක් අතහරිනවා කියන්නෙත් ලොකු අපරාදයක් අද වෙද්දී මාව වැඩියෙන්ම දන්නේ ඒ ගීතය නිසා කියලා තමා මනෝජා අවසන් වරට පවසන්නේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*