හැමෝම ආදරේ කරපු කානුවෙගෙදර රන්ජි ආදරණිය නැට්ටුක්කාරිය සමග දැන් ගෙවන ජිවිතේ චායාරුප 20ක්

රගපෑම කියන්නෙ බොහොම අපූරු කලාවක්. හැබැයි ඉතින් රඟපානවයි කිව්වට දැනගෙන රඟන වගේ ම නොදැන රඟන අයත් ඕනතරම් ඉන්නවා. මේ එක් වර්ගයක චරිතයක් එක්ක තමා අපි අද කතා කරන්නෙ. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලාව පිළිබඳව උපාධි සහතිකේතුත් අරගෙන, බොහොම හොඳට දැනගෙන රඟන දක්ෂ රංගන ශිල්පියෙක් .පසුගිය දිනවල ස්වර්ණවාහිණියේ විකාශය වුනු “හාරකෝටිය” ටෙලි නාට්‍යයේ “කානුවත්තේ රංජි“ විදිහට කොයිකාගෙත් අවධානය දිනාගත් ඔහු, නමින් රොහාන් විජේතුංග. ඉතින් එහිදී ඔහු විශාල වශයෙන් ජනප්‍රසාදයට පත් වුනා. මේ ටෙලි සිතුවමේ ජීවත් වූ ඔහුගේ විලාසිතා, කතාබහ කරන ස්වරූපය, කොයි කාගෙත් සිත් ගත්තේ එහි වෙනසක් තිබූ නිසයි.ඒ වගේමයි සමාජේ බොහෝ දෙනෙක් අනුකරණය කරන්නත් පුරුදුවෙලා සිටියා.

1

ඉතින් වේදිකා නාට්‍ය හරහා කලාවට පැමිණි ඔහු පාමුවෙන්ම රංගනයෙන් දායක වුනේ “බොහිමියානුවා” කියන ටෙලි නාට්‍යයේ. ඒකෙ ඔහු කළේ සුළු චරිතයක්. මල් කඩේක වැඩ කරන කොල්ලෙක්ට තාමා රංගනයෙන් දායක වී තිබෙන්නේ. එම නාට්‍යයේ නිෂ්පාදක වරයා වන්නේද නාමල් ජයසිංහ කියන ඔහුගේ විශ්වවිද්‍යාල ගුරුවරයා කියල තමයි අපට දැනගන්නට ලැබුනේ . ඒ මාර්ගයෙන් තමයි ඔහුට ජයප්‍රකාශ් සිවගුරුනාදන් කියන අධ්‍යක්ෂවරයාව මුණ ගැසී තිබෙන්නේ . ඉතින් ඔහු මේ වන විට නාට්‍ය කීපයක විතරයි තාම රඟපාලා තියෙන්නෙ. ඒවයෙන් වැඩිහරියක අධ්‍යක්ෂණය සිවගුරුනාදන් . “බොහිමියානුවා”, “මෙඩි සිනා”, “කළුකුරුල්ලා” “හාර කෝටිය” වගේ නාට්‍යවල ඔහුට වෙනස් වෙනස් චරිත කරන්න ලැබුණ බවත් ශිවා මහත්තය තමයි ඒ වෙනස රැකගන්න උදව් කරන්නෙ කියලත් අපට දැනගන්නට ලැබුනා

ඉතින් රටක් ආදරය කරන මේ දක්ෂ රංගන ශිල්පියා ඔහුගේ ආදර කතාව ගැනත් මේ විදිහට පවසා තිබුනා. ඇගේ නම ගංගා කුමුදිනි. ඇයත් මන් වගේම කොලඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ හිටියේ. මෙයාගේ තිබුණු ලස්සනත් එක්ක සෑහෙන පිරිසක් ඇය එක්ක යාළු වෙන්න ට්‍රයි කළා. කෙටියෙන්ම කිව්වොත් මගෙත් එක්ක හිටපු හොඳම යාළුවා පවා ඇයට ට්‍රයි කළා.නමුත් මගේ වාසනාවට ඇයව මට ලැබුනා. ඉතින් අපි සැප්තැම්බර් වල විවහා වීමට තමයි සිටින්නේ. ඉතින් මේ ආදරණිය කළා කරුවා ඔහුගේ ආදරණිය නැට්ටුක්කාරිය සමග ගෙවන ජිවිතේ සුන්දර චයාරුප පෙලකුත් අද අපි ඔබට ගෙන අවා.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*