මැණිකේට සතුටුයි කියමින් අකිල ධනුද්දර ආදරණිය එමීගේ උපන්දිනය සැමරු චායාරුප 10ක්

අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය කළා පවුලක් තමයි ඇන්තනී පවුල කියලා කියන්නේ. ඉතින් මේ ආදරණීය ඇන්තනී පවුලේ ජැක්සන් ඇන්තනී මහතාගේ ලොකු පුතා තමයි අකිල ධනුද්දර කියලා කියන්නේ. ඉතින් අපේ කලා ක්ෂේත්‍රයේ තුල ඉන්න ආදරණීය රංගන ශිල්පියෙක් නිරූපණ ශිල්පියෙක් වගේම දක්ෂ නිවේදන ශිල්පියෙක් විදිහටත් අකිල ධනුද්දරව හදුන්වලා දෙන්න පුලුවන්. ඒ වගේම මේ වනවිට සිනමා රංගනයට පිවිස සිටින අකිල මේ වෙද්දී අපේ රටේ ඉන්න ජනප්‍රියම කඩවසම් නළුවෙක් බවට පත් වෙලා හමාරයි. ඉතින් මේ රංගනයට ගායනයට නර්තනයට නිවේදනයට උපන් හපන්කම් කියන අකිල ධනුද්දර විවාහ වුනේ එමී කියලා තරුණියක් සමඟයි. ඉතින් ඔවුන්ගේ විවාහයත් රටම කතාවුනු විවාහයක් කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම ඔහු දැන් පුංචි හුරතල් දියණියක් ඉන්න ආදරණීය තාත්තා කෙනෙක්. ඔහුගේ චූටි දියණියගේ නම තමයි සකි ආරණ්‍යා ඇන්තනී.ඇන්තනී පවුලේ පළමු මිනිබිරිය ආරණ්‍ය වනවා.

1

ඉතින් මේ දක්ෂ කඩවසම් රංගන ශිල්පියාගේ ආදරණීය බිරිඳ එමීගේ උපන්දිනය අද යෙදිලා තියෙනවා.ඒ වෙනුවෙන් අකිල ධනුද්දර ඔහුගේ සමාජ මාධ්‍ය ජාලා වලට බොහොම ආදරණීය සටහනක් එකතු කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් එහිදී ඔහු පවසලා තිබුනේ මෙන්න මේ වගේ කතාවක්. මැණිකේට සතුටුයි. හැම උපන්දින සුභ පැතුමක්ම කියෙව්වා. හරිම ආදරනීයයි. ආදරේ දැනිල සතුටු හිතුනාම මූනට වැටෙන එලිය මිල කරන්ඩ බෑ ස්තුතියි. ආදරේට ආදරෙයි කියලයි ඔහු පවසලා තිබුනේ. ඉතින් අද දින උපන්දිනය සමරන එමීට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතනවා ඒ වගේම ඔවුන් එමිගේ උපන්දිනය සැමරු චායාරුප පෙලකුත් ඔබට ගෙන එනවා.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*