මුලින්ම බැන්දේ මල්ලි කෙනෙක් එයා මාව දාල ගියා දැන් දෙවෙනි සැමියත් නැහැ දුව එක්ක දිවිගෙවන උපේක්ෂා

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය චරිතයක්. නිරුපිකාවක් හා රුපවාහිනී නිලියක් ලෙස රංගනයෙන් විතරක් නෙවෙයි දේශපාලනය අතිනුත් ඇය ගොඩක් ජනප්‍රියි වගේමයි දක්ෂ නර්තන ශිල්පිනියක්, ස්වාධීන රුපවාහිනී සේවය විසින් විකාශය කරන ලද “පබා” ටෙලිනාට්‍ය මාලාවෙන් තමයි හැමෝම ඇයව හඳුනා ගන්නේ ඇගේ ජිවිතේ ඇයට ලැබුණු හොදම ටෙලි නාට්‍ය කිවුවොත් නිවැරදි මොකද මේ වෙද්දීත් උපේක්ෂට වැඩිය ඇයව දන්නේ පබා කිවුවොත්. කුවේටය තුල ශ්‍රී ලාංකික මාපිය යුවලකට දාව 1984 ජුනි 26, උපත ලැබූ උපේක්ෂා 2004 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණෙනවා.

උපේක්ෂා අධ්‍යාපනය හැදෑරුවේ කුවේටයේ තිබූ ඉන්දියානු ජාත්‍යන්තර පාසලකින්,ඇයට වයස අවුරුදු තුනක් පමණ වන විට දෙමාපියන් වෙන්ව ඇති අතර ඉන් පසු ලංකාවට පැමිණ ඇයගේ නමේ ගැටලුවක් මතුව මව විසින් රජීවන් නාමය ඇයගේ උප්පැන්නෙන් ඉවත් කර තිබෙනවා. කුවෙට්හි අධ්‍යාපනය ලබා ඇති ඇය අවසන් කාලයේ ලංකාවේ පාසල් නමයක පමණ අධ්‍යාපනය හදාරා ඇති බවයි කියා සිටියේ.තරුණ අවධියේ දී ඇය ප්‍රේම සම්බන්ධතා නිසා අධ්‍යාපනයට බාධා ඇතිකරගෙන ඇති බැවින් ඇයට උපාධි අවසානය තෙක් හැදෑරීමට නොහැකිවී තිබෙනවා. මේ වන විට විවාහ වී කුඩා දරුවකුගේ මවක් වන ඇය කියා සිටියේ ඇගේ විවාහය ඇය ගත් තවත් එක් වැරදි තීරණයක් බවයි.ඉතින් ඇගේ අලුත් තොරතුරු අපිට කිවුවේ මේ විදිහටයි.

1

ජිවිතේ හොදින් ගෙවෙනවා. තරමක් කාර්යබහුලයි. රටේ තියෙන තත්වයත් එක්ක රූගත කිරීම් තවත් සිදු කරනවා. ඒ ගැනලොකු සතුවක් නැහැ. හීතේ ලාකු බයකින් රූගත කිරීම් කරන නිසා තරමක් පීඩාකාරී හැඟීමක් සිතට දැනෙනවා.හිරු නාලිකාවේ අහස් මාලිගා ටෙලි නාට්‍යයේ රූගත කිරීම මේ දිනවල සිදු කරනවා. ඒ වගේම චරිත් අභිසිංහගේ තාදී නාට්‍යයේ හා මේනක රාජපක්ෂ අධ්‍යක්ෂණය කරන ආලියා යන වෙලි නාට්‍යවලට සම්බන්ධ වී සිටිනවා. මීට අමතරව මෙගා ස්ටාර් ඊයැලිටි තරගාවලියේ වැඩකටයුතු සමඟත් තරමක් කාර්යබහුලයි.ඒ ගැන මට ගොඩක් සතුටුයි. මේ අත්දැකීම් මගේ අවසාන රියැලිටි අත්දැකීම වෙන්න පුළුවන්. ලබන වසරේ සිට දරුවාගේ පාසල් වැඩකටයුතු ආරම්භ වෙන නිසා මග් වගකීම් තවත් වැඩිවෙයි. මෙවැනි ඊයැලිටි තරගාවලිවලට වැඩි කාලයක්, වැඩි ශ්‍රමයක් වැය කළ යුතු නිසා එකී අවස්න්ථාවන් මගෙන් ගිලිහෙයි කියලා තමයි ඇය කියන්නේ.

මෙගා ස්ටාර් රියැලිටි අත්දැකීම තුළ ප්‍රේක්ෂකයන්ට නවමු අත්දැකීමක් ලබා දෙන්න අපි ගොඩක් වෙහෙසෙනවා . ඒක හරිම ආස්වාදජනක සොඳුරු හැඟීමක්.ඉතින් පසු ගිය කලේ ඇති වූ හිත රිදීම් වලින් දැන් ගොඩාක් සුවයි. පළමුවෙනි එක විවාහය මොකද මන් බැන්දේ මල්ලි කෙනෙක් එයත් ගියා මාව දාලා. තව දෙයක් තමා දේශපලනය නිසා තමා මට ගොඩක්ම ප්‍රශ්න ඇති වුනේ.මං දේශපාලනයට අවතීර්ණ වේන්නේ ලොකු කැමැත්තකින් නෙමෙයි. ඒ වගේම කිසිම දේශපාලනඥයන්ගේ බලපෑමකටත් නෙමෙයි. ඒක අතිශයින්ම පෞද්ගලික කාරණාවක්. දේශපාලනයට මං ආපු විදිහ වැරදියි. ආපු කාලයක් වැරදියි. ඒකෙන් මට සිදු වුණේ ලොකු පාඩුවක්. මන් වැඩසටහනට සහභාගිව කළ ප්‍රකාශයක් නිසා බොහෝ දෙනාමට නොසතුට මෙන් ම දොස් පැවරුවේ දේශපාලනය පිළිබඳ එතරම් දැනුමක් නොමැතිව දේශපාලනය තෝරා ගත්ත කියලා .එදා ටීවී වැඩසටහනෙන් තමයි තේරුනේ මට දැනුම අඩුයි කියලා.

ඉතින් ඉදිරියේදී නම් ඒ වගේ වැඩ කරන්නේ නෑ. මොකද මගේ දුවගේ අනාගතේ ගැන හිතන්න ඕනි.ඇය ධනුජි ශැනන් පෙරේරා වයස අවුරුදු හතරයි.මේ පුංචි කිරි කැටියක් මේ සමාජයත් එක්ක කොහොමද ගැටෙන්නේ කියල හිතනකොට ලොකු බයක් වේදනාවක් දැනෙනවා. ඒ නිසා ගොඩක් දුරදිග නොහිතා වර්තමානය තුළ ඇයව ශක්තිමත් කාන්තාවක් විදිහට ගොඩනඟන්නේ කොහොමද කියලයි මං හැමතිස්සෙම හිතන්නෙ, මිනිස්සුන්ට සමාව දෙන, කරුණාවන්ත, අනුකම්පා කරන දරුවෙක්ව ගොඩනගන්න මං කැමතියි. නමුත් සමාජය තුළ එවැනි ගතිගුණ සමඟ දරුවා තැලෙනවට, පොඩි වෙනවට මං කැමැති නැහැ. ඒ නිසා මට අවශ්‍ය ශක්තිමත්, යහපත් දරුවක් ගොඩනඟන්න. දරුයිවෝ ඉබේ හැදෙන්හැනේ . මවුපියියා දරුවන් හදන්න ඕනේ, ගොඩනගන්න ඕන වගේම හරි මඟ පෙන්වන්න ඕනේ. කියලයි තමයි උපේක්ෂා කියන්නේ.

උපේක්ෂා මුලින්ම රංගනයට එන්නේ ජතිකරුපවාහිනියේ අවුරුදුකුමරිය තරගයෙන් දෙවෙනි ස්ථානය ලබාගෙන බෙනට් රත්නායක මහතාගේ සුදිරා කියන ටෙලි කතාවෙන් ඇයට ප්‍රධානම චරිතයත් පළමු රංගනයෙන්ම ලැබෙනවා.මේ වෙද්දී ඇය ටෙලිනාට්‍ය 15 පමණ රංගනයෙන් දායකවෙලා තියෙනවලු පබා ටෙලිනාට්‍ය නිසා ඇයට ටෙලිනාට්‍ය කරන්න වෙලාවක් මදිවුණා කියලා තමයි ඇය කියන්නේ.සිනමා නිර්මාණ 10 වගේ රගපෑවා ඒවගෙනුත් ප්‍රධානම චරිතය කරන්න ලැබුනේ දෙකක් විතර කියලා තමා ඇය කියන්නේ.සුමති සම්මාන උළලේ නැගීඑන නිළිය සම්මානය ලැබුනා ඒ වසරේම තමයි මම දේශපාලනයට එන්නේ දේශපාලනය නිසා මට හැමදේම නැතිවුනා දේශපාලනයට ආවේ නැත්තන් මට තව ගොඩාක් දේ ලබාගන්න තිබුනා.මම පබාට වැඩිය චන්චලාට තමයි තවමත් ආදරේ කරන්නේ.

පබා නිසා දේශපාලන රැස්වීම් වලට සෙනග ගලාගෙන ආවා 100/200 එන රැස්වීම් වලට 500/1000 සෙනග ආවා ඒ මම නිසා සහ පබා නිසා හැබැයි දේශපාලනේ නිසා මාව පබා ටෙලිනාට්‍යයෙන් අයින් කළා ඒ මම ඒ කාලේ තිබුණු ආණ්ඩුවට විපක්ෂව චන්දෙ ඉල්ලපු නිසා.මම තාත්තව දැකල තියෙන්නේ චායාරුප වලින් විතරයි මිට වසර දෙකකට කලින් මම කැනඩාවේ ෂෝ එකකට ගියා ඒ වෙලාවේ තාත්තගේ අක්කයි එයාගේ දුවයි ඇවිල්ල මට කතා කළා අවුරුදු තිස්ගානකට පස්සේ තමයි මට එයාලව මුණගැහෙන්නේ.තාත්තාගේ අලුත් බිරිඳ කැමති නැහැ එයා මාත් එක්ක කතා කරනවට ඒක නිසා තාත්තා මට කතා කරේ නැහැ.මම එයාලට කරදර කරන්නෙත් නැහැ එයාට දැන් ළමයි දෙන්නෙක් ඉන්නවා එයාලා විවහා වෙලා සතුටින් ජිවත් වෙනවා මම එයාලගේ පව්ලට අපිට සිදුවුණු දේ වෙනවට කැමති නැහැ එක නිසා මම කතා කරන්නවත් යන්නේ නැහැ කියලා තමා ඇය කියන්නේ.

මගේ අම්මට තිබුණු ප්‍රශ්නයක් නිසා අම්මට මට හරියට කිරි දෙන්නත් බැරිවුනා මම අම්මගේ කිරිබිලත් නැහැ හරියට,මම හැදුනේ එක එක ගෙවල් වල අම්මට හිතෙන හිතෙන තැන් වල තමා මම පොඩි කාලේ ඉදලම හැදුනේ තාත්තගේ සමුගැනීමත් එක්ක අම්මට බැරිවෙන්න ඇති මාව පරිස්සම් කරන්න ඒක නිසා එයා මට එහෙම කරන්න ඇති කියලා මට හිතෙනවා.ඇත්තටම මම දේශපාලනයට ගියේ කැමැත්තෙන් නෙවෙයි ඒක නිසා මගේ පළමු සැමියා සහා අපේ පවුල් ජිවිතේ අතර ලොකු ප්‍රශ්න ඇතිවුනා.දෙවෙනි වසරේ මට මගේ පළමු සැමියා නැතිවුනා මම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසන සංවිදායක කමක් ඉල්ලුව මට ඒක දුන්නෙත් නැහැ මට දේශපාලනේ වැඩක් කරන්නම ලැබුනේ නැහැ මොකද මන්ත්‍රී කෙනෙක්ට සල්ලි දෙන්නේ නැහැ වැඩක් කරන්න මම නිකම්ම නිකන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වගේ හිටියේ.මම පක්ෂේ මාරුකරලා තමයි කරගත්ත ලොකුම මෝඩ කම කලේ UNP එකෙන් මට ලොකු පිළිගැනීමක් තිබුනා සන්දානෙට ගිය නිසා හැමදේම නැතිවුනා කියලා තමයි උපේක්ෂා කියන්නේ.

මම ගොඩක්ම අද වෙද්දී දුක් වෙන්නේ මගේ උපාදිය ගන්න බැරිවුණු එකටයි නොගැලපෙන විවාහයක් කරගත් එකටයි,එයා මට දෙන්න පුළුවන් උපරිම ආදරේ දුන්න මම දේශපාලනයට එනකොට එයා මගේ පස්සෙම හිටියා පාර්ලිමේන්තු අවමත් ගැලරියේ හිටියා හැබැයි එයා යන පාරයි මම යන පාරයි දෙකම ගොඩාක් වෙනස් උනා මම අද දුක් වෙනවා ඒ විවාහය ගැන එයා මට වැඩිය වයසින් ගොඩක් බාලයි.එයාට වැරද්දක් කියන්න මම කැමති නැහැ අම්ම තාත්තා දුන්නේ නැති ආදරයක් අවදානයක් එයා මට දුන්නා.හැබැයි එතන තමා මට වැරදුනේ කියලා තමයි ඇය අවසන් වශයෙන් පැවසුවේ.ඇය මේ ගැන පැවසුවේ ලහිරු මුදලිගේ පවත්වන හරි ටීවී වැඩ සටහනේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*