උදේනි හින්දා මම බාල්දු වුනේ නෑ අලුත් අය සැප හොයනවා මාව කොටු කරන්නේ අදයක්ෂකවරු හිමාලි සයුරංගි

උදේනි හින්දා මම බාල්දු වුනේ නෑ.මම ආව ගමන ගත්තොත් තාම වනාන්තරයකින් කොළයක් කඩාගත්ත තරම්.මාව එකම චරිතවල කොටු කරන්නේ නිෂ්පාදකවරු සහ අධ්‍යක්ෂකවරුයි.දැන් ප්‍රවීනයෝ ඉවසනවා අළුත් ළමයි සැප හොයනවා.මෙහෙම කියන්න ඔබ අප කවුරුත් දන්න කියන කෙනෙක්. වෙලාවකට අහිංසකාවියක්, විටෙක ගුරුවරියක්, විටෙක දිරිය මවක්, විටෙක පිටිසර ගමක දුක් විඳින තරුණියක්, වගේ විවිධාංග චරිත වලින් අපි හමුවට එන ඇය හිමාලි සයුරංගි. මේ දිනවල ඇය නාලිකා දෙකක ටෙලිනාට්‍ය දෙකකින් අපේ ආලින්දයට ගොඩවෙනවා.

හිමාලි නැවතත් පුංචි තිරයේ දකින්න හම්බවෙනවා. එකම වගේ චරිතවලට ඔබ කොටුවෙලා කියලා හිතෙනවද.ඔව් මේ දවස්වල දිවිතුරා ටෙලිනාට්‍යයේ මම ඉන්නවා. මට මේ දවස්වල හම්බවෙන චරිත ටිකක් සමානයි තමයි. මේ ටෙලියෙත් මම ඉන්නේ තාත්තා නැතුව දරුවව තනියෙන් හදන අම්මා කෙනෙකුට. මේකේ ස්වරූපය සහ කණ්ඩායම් වෙනස්. ඒත් චරිතය දිරිය මවක්. අපි එකම චරිතවලට කොටු වෙනවාද නැද්ද කියන එක තීරණය කරන්නේ අපේ රටේ නිෂ්පාදකවරු සහ අධ්‍යක්ෂකවරුන් විසින්. හැබැයි මේ ටෙලියේ චරිතය මට ප්‍රතික්ෂේප කරන්න හේතුවක් නෑ. පසුතල සියල්ලම වෙනස්. චරිත එකක් නෙවෙයි දෙක දෙකක්.

සමාධිගේ චරිතයට ප්‍රතිචාර කොහොමද.”පටන් අරගෙන කෙටි කාලයක් නිසා ටිකක් අඩුවෙන් ප්‍රතිචාර හම්බුනත් හෙක්ටර් ඩයස් සහ අතුල අධිකාරි කියන වෙනස් ක්ෂේත්‍රයක ඉන්න දෙන්නෙක් එක්ක වැඩ කරන එක ඉතිං අළුත් අත්දැකීමක් මට. ඒ වගේම අද කාලේ අද කතා කරලා හෙට රඟපාන්න වෙන ටෙලිනාට්‍ය ප්‍රමාණයෙන් වැඩි වුනත්, මේ ටෙලිනාට්‍යට සූදානම් වෙන්න අපිට මාස කීපයක් ගිය නිසා ඒකට වෙන සූදානම ගැන මට සතුටුයි.”දෙවෙනි ඉනිමේ උදේනිට ලැබුණ ප්‍රතිචාර සමාධිට ලැබෙයිද? ඒ වගේම මෙගා නාට්‍යකට සම්බන්ධවීමෙන් හිමාලි සයුරංගිගේ තත්වය පහත් වුනා වගේ හිතෙනවද.

මෙහෙමයි උදේනිගේ චරිතයට වගේම සමාධිගේ චරිතයට ආදරය කරනවද කියන එක ප්‍රේක්ෂකයට බාර දෙයක්. නාලිකා දෙක වටා ඉන්නේ දෙපිරිසක්. ඔවුන්ගේ රුචි අරුචිකම් වෙනස්. ඒ වගේම තමයි උදේනිගේ චරිතයෙන් මම බාල්දු වුනා කියලා හිතෙන්නෙ නෑ. දීර්ඝ කාලයක් තිස්සේ දෙයක් දකිද්දී සමහර අයට එපා වෙන්න පුළුවන්. ඒත් දීර්ඝ හින්දි ටෙලිනාට්‍ය අතරේ යූ ටියුබ් එකේ වුනත් අපේ ටෙලි නාට්‍යයට හොඳ ප්‍රතිචාර තියෙන නිසා මම ඒ ගැන සතුටින්.මේ ගතවෙන්නේ ක්ෂෙත්‍රයට ඇවිත් කීවෙනි වසරද? ගෙවුන කාලය ගැන සතුටුයිද.”මේ ගෙවෙන්නේ දාහත්වෙනි වසර. හෙමින් හෙමින් මම මේ ආව ගමන ගැන මම ගොඩාක් සතුටින්. තැනකට ගියහම ලැබෙම ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් තේරෙනවා මම ආව ගමන සාර්ථකයි කියලා.”

මේ වසර දාහතේදි ඔය ගැහැණියගේ චරිතයට සාර්ථකව පණ පෙවුවා නේද.? කරපු චරිත අතරින් කරේ භාවාශ්‍රිත චරිත නේද.”ඔව් වැඩිපුරම ලැබුණේ දිරිය කාන්තා චරිත. ඒ අතරින් භාවාශ්‍රිත චරිත තිබුණා. අමාරු ලේසි කියලා චරිත වර්ගීකරණය කරන්න බෑ අපිට. ඒත් මම අධ්‍යනයක් කරලා මට ලැබුණ චරිත කරා.”සිනමාවට ලොකු දායකත්වයක් දුන්නේ නෑ කීවොත්.”ඒක වුනේ කොහොමද කියලා මම තවම හිතනවා. සුනාමි චිත්‍ර පටියට මම දායක වෙලා තිරගතවෙන්න පටන් ගත්ත ගමන් කොරෝනා නිසා එක නැවතුනා. ඉදිරියට දෙකක වැඩ බාර අරන් තියෙනවා. බලමු ඉතිං ඉදිරියට මගේ හොඳ කාලේ එයිද කියලා..”

ප්‍රතිරෝදක චරිතයක් ආවොත් කරනවද බලාපොරොත්තු වුන ආස කරපු චරිත තියනවද “මම මෙච්චර කාලෙකට කළු චරිත කරලා නෑ. ගොඩක් කළේ සුදු චරිත. ඒත් එහෙම චරිතයක් ආවොත් කරන්න ආසයි. මොකද නිළියක් කියන්නේ ඕනම චරිතයක් කරන්න පුළුවන් අයට.ඔව් ආස කරන චරිත වර්ග තිබ්බා. මම ආසයි නීතීඥවරියකගේ, වෛද්‍යවරියකගේ චරිතයක් කරන්න. ඒ වගේම ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියගේ “දඩයම”, ගීතා කුමාරසිංහ මහත්මියගේ “පාළම යට” වගේ චරිත අපිට හීන වගේ. මම කරපු චරිත ඉතිං වනාන්තරයකින් කොළයක් කඩා ගත්තා වගේ තමයි.හිමාලි ක්ෂේත්‍රයට ආවේ නිවේදිකාවත් විදියට. දැන් එක අත ඇරලාද? වත්මනේ ඉන්න අලුත් නිවේදක නිවේදිකාවන් ගැන මොකද හිතෙන්නේ. අතඇරලා නැහැ, දැනටත් හොද වැඩ සටහනක් ආවම මම නිවේදනයෙන් සහභාගි වෙනවා. අලුත් අය ගැන හරිම සතුටුයි. නිවේනයට විතරක් නෙමෙයි ගොඩක් දේවල් වලට දක්ෂ අලුත් ළමයි දැන් බිහිවෙලා ඉන්නවා. ඒ කාලෙට වඩා අවස්ථා වැඩියි වගේම අති දක්ෂ ළමයි දැන් ඉන්නවා.

රංගනයට හැදෑරීම මොනතරම් අවශ්‍යද.රංගනයට විතරක් නෙමේ ඕනම ක්ෂේත්‍රයකට හැදෑරීම කියන දේ අත්‍යවශ්‍යයි. රංගනයට අවශ්‍ය වෙන්න හැදෑරීම තියෙන්නෙ රංගනය තුළමයි. මේකප් එකක් දාගෙන බොරුවට කැමරාවක් ඉස්සරහට ආවා කියලා රංගනයට කියන හැකියාව වර්ධනය වෙන්නේ නෑ. උනන්දුව සහ කැපවීම කියන දෙක තමයි තමන්ගේ හැකියාවන් තීරණය වෙන්නේ. මේ ක්ෂේත්‍රයේ චරිතාංග ශිල්පිනියන් අඩුයි ද? ඒ වගේම අලුත් අයට දෙන්න තියෙන උපදෙස් මොනවද.

“මම නම් හිතන්නේ චරිතාංග ශිල්පිනියන් අඩුයි කියලා . මොකද මම ආවෙත් පෙම්වතියගේ චරිතයෙන්. මේ වෙද්දි අම්මාගේ චරිතයට මාරු වෙලා තියෙනවා. එතනම විවිදත්වයක් තියෙනවනේ හැමෝම ඒ වගේ තමයි. අදක්ෂ අයත් ඇති. නමුත් චරිතාංග අය නැතුව නෙවෙයි.
අලුත් අයට කියන්න තියෙන්නෙ ඉතින් උනන්දුවෙන් සහ කැපවීමෙන් මෙතන වැඩ කරන්න කියලයි. සමහර වෙලාවට ප්‍රවීන අය ඉවසද්දි අලුත් අය සැප හොයනවා. සමහර වෙලාවට අවුවේ ඉන්න අකමැතියි, කලුවට මේකප් කරනවට ආස නෑ. ඒ වගේ වෙලා බෑ ඉතිං. තමන්ගේ කැපවීම අත්‍යවශ්‍යයි. ඒ මත තමයි තමන්ගෙ අනාගතය තීරණය වෙන්නේ.”

ඔබේ සම්මාන ගැන පොඩ්ඩක් මතක් කරොත්.”හොඳම ටෙලි ටෙලිනාට්‍ය නිළිය තුන් වතාවකුත්, සරසවිය සම්මාන උළෙලේ හොඳම නැගී එන නිළිය සම්මානයත්, අරන් තියෙනවා. නැගී එන නිලිය,සහය නිලිය, ජූරියේ විශේෂ ඇගයීම් වගේ ගොඩක් දේවල් ලැබිලා තියෙනවා. සුමති, රයිගම් වගේ සම්මාන උලෙලවල් වලිනුත් සම්මාන ලැබුණා. දැන් ආසාව හොඳම නිලිය සම්මනයක් ගන්න තමයි. කොරෝනා නිසා සියල්ල අඩපණ වෙලා නේද.හැම දෙයක්ම ස්ථිර නෑ කියලා අවබෝධ කරගන්න හොඳම කාලයක් මේක. රටක් විදිහට අපිට එන ව්‍යසනවලට මුහුණ දෙන්න වෙනවා . කලාවටත් ඉතිං එහෙමයි. ඉතිං හැමෝම ඉවසීමෙන් මේ කාලය ගත කරන්න වෙනවා.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*