හැම දෙයක්ම මට දරාගන්න කියලා දුන්නේ හෂිනි ආයේ මම ස ප්‍රසංගය කරන්නේ නැ මට දැන් අමාරුයි වික්ටර් රත්නායක

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුළ අපට හමුවන අග්‍රගණ්‍ය ගායන ශිල්පියෙක් තමයි වික්ටර් රත්නායක කියන්නේ. මෑතක ඉතා රෝගාතුරව සිටි ඔහු සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ඔහුගේ රසිකයන්ට ප්‍රතිඥාවක් දී තිබුණා. ඒ “ගී පොද මල් වර්ෂාවකින් ඔබ හද තෙත් කරන්නට නුදුරේදිම ඔබ හමුවට එනු රිසියෙමි” ලෙසි මුහුණු පොතේ සටහනක් තබමින්.

ප්‍රවීනයන් බොහෝ දෙනෙක් විවිධ හේතු දක්වමින් නිර්මාණ කටයුතුවලින් බැහැරව සිටිය දී, ඔහු එම ප්‍රතිඥාව සනාථ කරමින් මේ දිනවල අලුත් නිර්මාණ කටයුතු කිහිපයක් සිදු කරමින් සිටිනවා. ඔහුගේ නම කී සැනින් අපට මතක් වෙන්නේ “ස” ප්‍රසංගයයි. ප්‍රසංග වාර දහස් ගණනකට පසු තවත් බොහෝ ඉල්ලීම් තිබියදීත් ඉන් ඉවත් වන වික්ටර් රත්නායක මහතා “සරස” නමින් දෙස් විදෙස් ප්‍රසංග මාලාවක් ආරම්භ කළත් සංගත තත්ත්වය නිසා එහි කටයුතු ඇණ හිටිනවා.

අසනීප වූ දා පටන් මාධ්‍යයෙන් සහ කලාවෙන් මදක් ඈත්ව වසර එකහමාරක් පමණ සිටි ඔහු මෑත කාලයේ පුවත්පතකට මෙසේ අදහස් පළ කරලා තිබුණා.මට ඕන වුණේ කලාවට යමක් කරන්න. ඒ නිසයි මම ගිය දවස් ටිකේ තරුණ නිර්මාණකරුවන් කිහිපදෙනෙක්ගේ තනු තෝරාගෙන ගායනයෙන් ඔවුන්ට සහය වුනේ. අනික නිකන් නිකරුනෙ ඉඳීමෙන් පුරුද්දකුත් මට නැහැ. ඒ නිසයි මම සුව වූ සැනින් නැවත අලුත් නිර්මාණ කිහිපයක් කරන බවට පොරොන්දු වුණේ.මම ඒ පොරොන්දුව ඉෂ්ට කරමින් ඉන්නවා.

ඉදිරියේදී නිර්මාණකරණයට ගුවන් ගුවන්විදුලිය රූපවාහිනිය පිළිබඳ බලාපොරොත්තුවක් තියාගන්න බැහැ. ඒ වෙනුවට සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරන්න අපිට පුළුවන්. මම නම් වැඩිය ෆේස්බුක් යන්නේ නැහැ. නමුත් මං අසනීප වෙලා හිටපු ටිකේ ගොඩක් අය මට ආශිර්වාද කරලා තිබුණා. ඒ දේවල් බලන මගේ බිරිඳ හෂිනි මට ඒවා ඇහෙන්න කියෙව්වා. ඒවා අහලා මම සතුටක් වගේම උත්තේජනය කුත් ලැබුවා. ඉදිරියේදී මගේ නිර්මාණ වේදිකා වල පමණක් නොව විද්‍යුත් මාධ්‍ය වල ද සිදු වේවි. නමුත් ස වගේ ඒක පුද්ගල ප්‍රසංග නම් ඉදිරියේදී සිදුවන එකක් නැහැ. ඒක ගොඩක් ලොකු වැඩක්.ඒක මට දැන් කරන්න අමාරුයි.

තාමත් මගේ අසනීපය සුළු සුළු අමාරුකම් තිබෙනවා. එහෙමයි කියලා රසිකයන්ට යමක් නොදී ඉඳීම කළ යුතු නැහැ කියලයි මම හිතන්නේ. ඒ නිසා හැකි විදියට නිර්මාණ කටයුතුවල මම නියැළෙනවා.ඔබ රෝගී සිටි අවස්ථාවේදී පවා එක එක අවලාද වලට මුහුණ දෙන්නට සිදුවුණා. ඒ ගැන වික්ටර් රත්නායක මහතා අදහස් දැක්වූයේ මෙසෙයි.ඇත්තටම කලකිරීමක් නැහැ. සියලු දේ උපේක්ෂාවෙන් දරා ගත යුතුයි. එදා ඉඳන්ම මම කළේ එහෙමනෙ. විවේචන විචාර ලාභ අලාභ සියල්ල දරාගෙන තමයි මම මේ ගමන ආවේ. නින්දා අපහාස මට හොඳට පුරුදුයි. ඒවා ලැබිච්ච වෙලාවල් වල හෂිනි මට ලොකු සහනයක් වුණා. හැම දෙයක්ම දරාගන්න මට ධෛර්යය ලැබෙන්නේ ඇයගෙන්. ඊට අමතරව මගේ නෑදෑ යහළු මිත්‍රයන් මාව බලන්නට ආව ගියා.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*