අපේ පවුල්ජීවිතෙත් ප්‍රශ්න නැතුව නෙවෙයි රණ්ඩු නොවී ඉන්නවා නෙවෙයි ඒවා අපි ලෝකෙට කියන්නේ නැ. ෂෙරිල්

ශෙරිල් ඩෙකර් කියලා කියන්නේ ඇත්තටම සුන්දර තරුණියක්. ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමාරි තරගයෙන් ක්ෂේත්‍රයට පිවිසෙන ඇය ටෙලි නාට්‍ය කිහිපයකටම තම රංගනයෙන් දායක වෙමින් ප්‍රේක්ෂක ආදරය ලබා ගන්නට සමත් වුණා. ඒ වගේම ලංකාවේ ජනප්‍රිය යොවුන් ගායකයෙක් වුණ රුවන් හෙට්ටිආරච්චි සමඟ තමයි ඇය විවාහ වුණේ. 1989 ඉපදුන ඇයට මේ වෙනකොට වයස අවුරුදු තිස් දෙකක් වෙනවා. මේ දිනවල කාලය ගත කරන ආකාරය ගැන විමසූවහම ඇය මේ විදිහට තමයි ප්‍රකාශ කළේ.

මේ දවස්වල ඉතිං වසංගත තත්ත්වයක් එක්ක ගෙදරටම වෙලා තමයි කාලය ගත කරන්නේ. අවුරුදු එකහමාරකින් දෙකකින් විතර මම නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ. කොහොමටත් මම ආව කාලේ ඉදන්ම ගොඩක් නිර්මාණ බදාගෙන කළේ නැහැ. තෝරා බේරා ගත්ත හොඳ නිර්මාණ කිහිපයකට තමයි මම දායක වුණේ. ඒ ඇරෙන්න ඉතින් සතුටින් කාලය ගත කරනවා.රංගනයට වැඩි වැඩියෙන් එන නිසා ඔබට ලැබෙන ආරාධනා අඩුයිද?මෙහෙමයි ඉතින් අලුත් අය එනවා යනවා. ඒක සාමාන්‍යයි. දක්ෂයා තමයි එක දිගට රැඳෙන්නේ. කොහොමටත් මට ශ්‍රේෂ්ත්‍රයේ කැපිලි වැඩියි. ඊර්ෂ්‍යා කරන අය වැඩියි. ඒ නිසා වෙන්නැති මට චාන්ස් හම්බෙන්නෙ නැත්තේ. අද කාලේ දක්ෂයාට වඩා තැන හම්බෙන්නෙ favoration එකට. කොහොම වුණත් මට ඒ ගැන දුකක් නෑ. ලද දෙයින් සතුටු වෙන කෙනෙක් මම.

කොහොමටත් මම ක්ෂේත්‍රයට ඇවිල්ල අවුරුදු පහළොවක් වුණත් මම නිර්මාණ අතලොස්සකටයි සම්බන්ධ වෙලා තියෙන්නෙ. ඒ මම නිර්මාණ තෝරා බේරගෙන වැඩ කරන හින්දා. ඒ වගේම මම ගොඩක් කැමති ටෙලිනාට්‍ය වල රඟපාන්න නෙවෙයි. චිත්‍රපටිවලට රඟපාන්න. ගොඩක් වෙලාවට මට කට්ටිය කියලා කියනවා මම ගැලපෙන්නෙ සිනමාවට කියලා. ඉතින් මම හොඳ ඒ වගේ නිර්මාණයක් එනකං බලාපොරොත්තුවෙන් ඉන්නවා.ඔබ දෙදෙනාම කලාකාරයො නිසා මේ දවස්වල දවස්වල ආර්තික ප්‍රශ්න නැද්ද? රුවන් වුණත් වැඩිය නිර්මාණවලින් පේන්න නැහැ.රුවනුත් ගොඩක් නිර්මාණ බදාගෙන කරන්නේ නැහැ. කරන්න එකයි දෙකයි. ඒවා ජනප්‍රිය වෙනවා. ඔහු දැන් online ඔන්ලයින් ක්ලාස් කරනවා. ළමයින්ට සංගීතය උගන්වනවා. ඒ නිසා ආර්ථික ප්‍රශ්න කියලා ලොකුවට අපිට නැහැ.

විවාහ වෙලා වසර අටකටත් වඩා ගෙවිණ නිසා බරපතලකම තේරෙනවා ඇති නේද පොඩ්ඩක් කිය ගැන කියමුද අපිත් එක්ක.ඔව් අපි විවාහ වෙලා දැන් අවුරුදු අටකුත් ගෙවිලා ගිහිල්ලා. තාමත් ඉතින් සතුටින් ආදරයෙන් කාලය ගත කරනවා. පවුලක් විදිහට එකට ජීවත් වෙද්දී ප්‍රශ්න නැතුව නෙවෙයි. රණ්ඩු වෙන්නේ නැතුව නෙවෙයි. ප්‍රශ්නයක් ආවම අපි එක කතාබහ කරල විසඳ ගන්නවා. දුර යන්න දෙන්නේ නැහැ. රුවන් නම් ගොඩක් වෙලාවට මගෙත් එක්ක තරහ උනහම කරන්න පිටින් කෑම ඕඩර් කරන එක තමයි. ඊට පස්සේ දෙන්නම සාමාන්‍ය විදියට ජීවත් වෙනවා.

අනික ගොඩක් අය සමහර වෙලාවට කියනවා අපි දෙන්නා ඩිවෝස් වෙලා කියලා. නමුත් ඒක එහෙම නැහැ. ඒකට හේතුවක් වෙන්න ඇති අපි අපි දෙන්නගෙ පුද්ගලික දේවල් සමාජ මාධ්‍යවල පළ නොකරන එක. කාලයක් දකින ලැබෙන්නේ නැතිව ඉන්නකොට සමහරවිට එහෙම දේවල් හිතෙනවා ඇති. නමුත් අපිට උවමනාවක් නෑ අපේ පුද්ගලිකත්වය මාධ්‍යවල පළ කරන්න. ඒක තමයි ඔය වගේ කට කටකතා හැදෙන්නේ හේතුව.දැන් ඉතින් දෙන්නා තුන්දෙනා කරගන්න බලාපොරොත්තුවක් නැද්ද කියලා ඇහුවම ඒ කිව්වේ මේ විදියට.අපි තවම තරුණයි. ඒ කෙනා අපි ළඟට එන වෙලාවක ඒවි. දේවල් වලට වුණත් ගොඩක් අය කට කතා හදනවා. මම මගේ බලු සුරතලා එක්ක සමාජ මාධ්‍ය ජාලයට ෆොටෝ එකක් එහෙම දැම්මම සමහර අය ඒකට කමෙන්ට් කරනවා බල්ලො තුරුල් කරගෙන ඉන්නේ ළමයෙක් හදන්න ආස නැද්ද කියලා අහලා. ගැහැණු අයම තමයි ගොඩක් වෙලාවට ගැහැණු අයට ගරහන්නේත්. නමුත් මං ඒවගෙන් වැටෙන්නෙ නෑ තව තව ශක්තිමත් වෙනවා විතරයි.”

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*