හෙමාල්ව කිස් කරා කියලා මට අදටත් ගෑනුළමයි බනිනවා කෝල් කරලත් බනිනවා මනෝජා ප්‍රනාන්දු

අපේ රංගන ක්ෂේත්‍රය ගත්තහම කාලයෙන් කාලයට අලුත් තාරකාවන් එනවා යනවා අපිට දකින්න ලැබෙනවා. ඒ එන සමහර කට්ටිය දීර්ඝ කාලයක් කලාව ඇතුලෙම ඉන්නවා දකින්න ලැබෙනවා වගේම සමහර අය කෙටි කාලයකින්ම අඹරෙන් බැස යනවා. ඒත් ඒ වගේ ක්ෂේත්‍රයට ආව ගිය කලාකාරයො අතරේ මනෝජා ප්‍රනාන්දු කියලා කියන්නේ ක්ෂේත්‍රයට ඇවිල්ලා තවමත් ඒ ප්‍රසිද්ධිය රැකගෙන ඉන්න තාරකාවියක්.

නිස්සාර ගීතයේ රූපරචනාව තුලින් තමයි ඇයව ඉස්සෙලාම ප්‍රේක්ෂකයින් අඳුනගත්තේ. ඇගේ රුව ගොඩාක් අයගේ වර්ණනාවට ලක්වුනේ ඇය තුළ වුන ස්වභාවික සුන්දරත්වය නිසයි. ඒ රූපරචනාවෙන් පසුව ඇය රාධාවනී, මතක වැනි ප්‍රේක්ෂක ආකර්ෂණය ලැබුන ගීත කිහිපයක රූප රචනා වලට දායක වුනා.ඒ වගේම ඇය පිංචි තිරයටත් පිවිසෙන්න අවස්තාව ලබාගත්තා. ඒ පොදු කියන ටෙලිනාට්‍යයේ කෞෂි නොහොත් ඇබේගේ චරිතය හරහා. එම ටෙලිනාට්‍යත් ප්‍රේක්ෂකයා ඉතාම ආදරෙයෙන් වැළඳගත්තු නිර්මාණයක් විදියට හඳුන්වන්න පුළුවන්.

ඊට අමතරව පානාමංකඩ කියන ටෙලිනාට්‍යයටත් ඇය සම්බන්ධ වුනා. මනෝජා කියන විදිහට ඇය රංගනය එන්න නම් ඒ තරම් කැමැත්තක් තිබුනේ නෑලු. ඒත් අහම්බයෙන් ඒ අවස්තාව ලැබුනහම පිටපත කියවලා රංගනයට යොමු වුනාලු. ඒත් මේ ක්ෂේත්‍රයට ආව එක ගැන ඇය අද ගොඩක් සතුටු වෙන බවත් ඇය පවසලා තිබුණා.මනෝජා කියලා කියන්නේ චරිත තෝරා බේරා ගනිමින් ඉදිරියට යන්නට ආශා කරන චරිතයක්. ඇය රංගනයට වගේම නර්ථනයටත් දක්ෂ තරුණියක්. උසස් අධ්‍යාපනය හදාරද්දිත් ඇය විශයක් ලෙස නර්තනය හදාරා තිබෙනවා.

මෑත කාලයේ අභිෂේකා විමලවීර සහ කරුණාරත්න දිවුල්ගනේ මහතා ගායනය කරන “මතක” කියන ගීතයට ඇය හේමාල් රණසිංහ සමග එහි රූපරචනයට දායක වුනා. එම ගීතයේ ඇය හේමාල් රණසිංහ සමග සිපගන්නා දර්ශනයක නිරතවුනා. ඒකෙන් පස්සෙ මනෝජාට හරි හරි දේවල් වුනාලු. ඇය කියන විදිහට හේමාල්ට කැමති ගෑණු ළමයි තමන්ගේ දුරකතනයට ඇමතුම් දීලා බැන්නාලු. ඒ තරම් ඒ නිර්මාණය ප්‍රේක්ෂකයාගේ සිතට ගිහිල්ලා තමයි ඇය පවසන්නේ.කොහොම නමුත් මනෝජා කියන්නේ කලාවේ පැහැදිලි අනාගතයක් තියෙන කලාකාරියක් කියන එකනම් අපිට පැහැදිලියි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*