ලැජ්ජාව නිසා මගේ හැමදෙයක්ම පරක්කුවුනා මම පොඩි කාලේ හරිම ලැජ්ජාශීලී කෙනෙක්ලු වින්ඩි ගුණතිලක

රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා කියන්නේ ගායන ක්ෂේත්‍රයේ අද්විතීය නමක් දිනාගත්තු ගායක යුගලයක්. ඔවුන් දෙදෙනා සංගීත ක්ෂේත්‍රයේ පතාක යෝධයින් දෙදෙනෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේ යුවලගේ දියනියන් තිදෙනා අතරින් තම ගමන වැඩි ශබ්ධයක් නැතුව නිහඬව යන දියණියක් තමයි වින්ඩි ගුණතිලක කියන්නෙ. ඉතින් ඒ නිහඬ ගායිකාව පිළිබඳව තමයි අපි අද කතාකරන්න යන්නෙ. අනෙක් නිර්මාණකරුවන්ට සාපේක්ෂව ඉතාම අඩුවෙන් නිර්මාණ කාර්යයන් සිදු කරත් වින්ඩි කියන්නේ ගායිකාවකට සුදුසු සියලුම ගුණාංගයන් සම්පූර්ණ කරපු ගායිකාවක් විදිහට හැඳින්වූවාට ඒකේ වරදක් නැහැ. මොකද ඇය සතුව ඉතා සුන්දර හඬක් තියෙනවා.

ඇගේ ගමන් මග පිළිබඳව ඇය මේ විදිහට තමයි තමන්ගේ අදහස් දැක්වූවේ.මගේ සංගීත ජීවිතයට මගේ අම්මගෙන් තාත්තගෙන් ලොකු පිටුවහලක් ලැබුණා. නමුත් එහෙමයි කියලා ආපු ගමන පහසු නැහැ. ගොඩක් කැපකිරීම් කරන්න ඕනේ. ඇත්තම කියනවා නම් මම ගොඩක් ලැජ්ජාශීලී කෙනෙක් .වේදිකාවකට නගින්න, පිරිසකට මුහුණ දෙන්න, ගීතයක් ගායනා කරන්න, මට ලොකු වෙහෙසක් දරන්න සිද්ධ වුණා. ඒ නිසා ගායිකාවක් විදිහට ජීවිතය පටන් ගන්න එක මට ටිකක් අපහසු කාරණයක් වෙලා තිබුනේ.

ඒත් අම්මලාගේ තාත්තලාගේ සහාය ශක්තිය උපදෙස් අවවාද මම පිටිපස්සෙන් හැම වෙලාවෙම තිබුණා. ඒ අවවාද හා උපදේශ තමයි මගේ ධෛර්යය වෙලා මගෙම කියලා ගීතයක් එළි දක්වන තැනට වෙනකම්ම මම ආවේ. මෑත කාලයේත් මම ගීත කිහිපයක් නිර්මාණය කරගෙන යනවා. ඉදිරියේ ඉදිරියේදි මගේම ගීත කිහිපයක් නැවත එළි දකීවී.ඉදිරියේදී එළිමහන් ප්‍රසංග වලත් මම වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. ගායිකාවක් වුනහම එළිමහන් ප්‍රසංග ද, ගෘහස්ථ ප්‍රසංග ද කියලා තෝරා බේරා ගැනීමට හැකියාවක් නැහැ.

ඕනම තැනක වැඩ කරන්න හැකියාව තියෙන්න ඕන කියලා මං විශ්වාස කරනවා. ඒ වගේම එළිමහන් ප්‍රසංග වල වැඩ කරනවා කියන වෙනවා ම අත්දැකීමක්නෙ. ඒ නිසා ඒකත් ඉතින් ලබාගෙන බලන්න ආසාවක් හිතේ තියෙනවා.අපි කවුරුත් දන්නවා ඇයගේ පෙම්වතා වෙන්නේ තවත් අපේ රටේ ජනප්‍රිය ගායකයෙක් වන සනුක වික්‍රමසිංහ කියලා. නමුත් ඇය පවසන විදිහට දැම්ම විවාහයක් ගැන නම් හිතන්න අදහසක් නැහැලු. ඒවා පසුවට බලනවා කියලා තමයි ඇය අවසන් වශයෙන් ප්‍රකාශ කළේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*