අපි දෙන්නම ආදරෙන් පැරදිලා හිටිය නිසා අපි දෙන්නා ගැලපෙයි කියලා අක්කි හිතන්න ඇති අක්කි තමයි අපිව යාලුකරේ

පරම්පරාවෙන් කලාව කරපින්නා ගෙන ආ පවුල් කිහිපය අතරින් ප්‍රියසද් පවුලට හිමි වන්නේ හිමිවන්නේ ප්‍රධාන තැනක්. ප්‍රියසාද් පවුලේ දියණිවරුන් තිදෙනා අතරින් මද්දුමයා වන්නේ ශෙෂාද්‍රි ප්‍රියසාද්. ඇය ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් විදිහට වඩා අපි හඳුනාගන්නේ සිනමාවේ දක්ෂ රංගන ශිල්පිනියක් විදියට.සිය ප්‍රථම විවාහයෙන් වෙන් වෙලා කාලය ගත කරන අය මේ මෑතකදී දෙවන විවාහයට යොමු වෙනවා. ඇගේ සැමියා ලෙස විවාහ ගිවිස ගත් ඔහුත් ලංකාවේ ප්‍රසිද්ධ චරිතයක්.

සංගීත කලාවට සම්බන්ධ වන අයෙක් වන ඔහු doctor සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන ක්‍රිෂාන් මාලන් පෙරේරයි. ශේෂාදි විවාහ වන්නේ පසුගිය අගෝස්තු විසි වෙනදාට. ඇය තම සුන්දර පවුල් ජීවිතය ගැන පසුගිය දිනක පුවත්පතකට තම අදහස් දක්වා තිබුණේ පහත ආකාරයෙන්.ඇත්තටම මේ ජීවිතයේ ලොකු වෙනසක්. ගෙදර හිටපු කාලයට වඩා හැමදේම වෙනස් වෙලා. උදේට නැගිට්ට වෙලාවෙ ඉඳන් නිදාගන්න යන වෙලා වෙනකන් කරන්න තියෙන වැඩ වෙනස් වෙලා තියෙනවා.

ඉතින් මමත් පොඩ්ඩ පොඩ්ඩ මේ දේවල් වලට හැඩ ගැහෙමින් තමයි ඉන්නේ. වර්තමානයේ පවතින වසංගත තත්ත්වයත් එක්ක අපිට කොහෙවත් හරියට ඇවිදින්නවත් වුණේ නැහැ. එක අතකින් මටත් හිතෙනවා ඒක හොඳයි කියලා. මොකද එහෙ මෙහෙ නොයා එක තැනකට වෙලා අපි දෙන්නට දෙන්න තවත් හොඳ අවබෝධයෙන් කාලය ගත කරන්න අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා. එහෙම ඉන්නකොට දෙන්නට දෙන්න තේරුම් ගන්න පුළුවන් ඉඩකඩ සහ කාලය වැඩියි.

හැමදේම වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට කියලයි මම හිතන්නේ. මගේ ජීවිතේට කලින් ආපු ප්‍රශ්නත් එක්ක විවාහයක් ගැන හිතන එක මම අමතක කරලා තිබුණේ. මගේ කතාව ලොකු දිග ආදර කතාවක් නෙවෙයි. ක්‍රිශාන් මගේ අක්කගේ යාළුවෙක්.2010 වසරේදී මමයි අක්කීයි වැඩසටහනක් කරා ක්‍රිශාන්ව ගෙන්නලා. එතන ඉඳන් තමයි අපි යාළුවො වුණේ. මටත් වඩා එයා මගේ අක්කගේ යාළුවෙක් තමයි වුනේ. ඒත් එක වැඩිය කතාබහ කරේ නෑ. නමුත් මගේ ජීවිතේ උණ හැලහැප්පීම් එක්ක අක්කම තමයි කිව්වේ මට එයත් එක්ක ටිකක් කතා කරලා බලන්න කියලා

අපි දෙන්නටම ජීවිතේ එක හා සමාන අත්දැකීම් ලැබිලා තිබිච්ච නිසා අපි අපි දෙන්නට දෙන්න ගැළපෙනවා කියලා සමහරවිට අක්කා හිතන්න ඇති. ඉතින් ඒ විදිහට කතා කරලා බැලුවම තමයි මටත් තේරුනේ එයාව මට ගැළපෙනවා කියලා. අපේ අදහස් දෙන්නට දෙන්න ගැලපෙන හින්ද මමත් එයාට කැමැති වුණා. ගෙවල්වලින් ප්‍රශ්නයක් උනෙත් නෑ. හැමෝගෙම ආශිර්වාදය මැද තමයි අපි දෙන්නා විවාහ වුණේ. අපි දෙන්නා අවුරුද්දක් තිස්සේ අපේ විවාහය ප්ලෑන් කරා. දැන් ඉතින් ඒ හීනය හැබෑ වෙලා මම ගොඩක් කාර්යබහුල වෙලා තියෙනවා.

දැන්නම් ඉතිං ගෙදර වැඩ ගොඩක් මටම කරන්න වෙලා තියෙනවා. ගොඩක් කාර්යබහුලව කාලය ගෙවනවා. ගෙදර ඉද්දි නම් මම ගෙදර වැඩ වලට ලොකුවට අම්ම එක්ක සම්බන්ධ වුණේ නැහැ. ඒත් දැන් හැම දේම තනියම කරගන්න වෙලා තියෙනවා. ඒත් එහෙමයි කියලා මට ඒකෙ නීරස භාවයක් නැහැ. මොකද මම ගොඩක් ම ආසාවෙන් හිටියේ ගෘහණියක් විදිහට ජීවත්වෙන්න.”තමන්ගේ විවාහ ජීවිතය ගැන ශේෂාද්‍රි තම අදහස් පළ කරලා තිබුණේ ඒ විදියට. කොහොම වුණත් අලුතෙන් යුගදිවියට පිවිසුණු එම යුවළට අපි වාසනාවන්ත, සතුටින් පිරුණු අනාගතයකට සුභ ප්‍රාර්ථනා එක් කරමු.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*