නිලියක්නම් කවදාවත් මම පෙම්වතිය කරගන්නේ නැහැ තරුණියන්ගේ අලුත්ම සිහින කුමරා නුවන් තාරක කියන දේ

ආදරණීය බන්ටි ” විදිහට තමයි ඔහුව ගොඩක් දෙනෙක් අඳුනන්නේ. නමින් කසුන් තාරක වුනත් “මල් පිපෙන කාලේ” කියන ටෙලි නාට්‍යයේ චන්ඩි ආදරණීය දඟකාර බන්ටි විදිහට තමයි ප්‍රේක්ෂකයා ඔහුව හඳුනා ගන්නේ. මේ සුන්දර ආකර්ෂණීය තරුණයාට ගොඩක් අයගේ ආදරය හිමිවෙලා තියෙනවා. ඒ අතරින් පොඩි දරුවන්ගේ සහ තරුණියන්ගේ ආකර්ෂණය තමයි වැඩි.ඔහුගේ අතීතය පිළිබඳව මතක් කළේ මේ විදියට.

මගේ ගම නාවලපිටිය. මට පොඩි කාලේ ඉදන්ම පිස්සුවක් තිබ්බ නළුවෙක් වෙන්න. ගොඩක්ම ආස කළේ ඉගෙන ගන්න ගමන් නළුවෙක් වෙන්න. ඒත් පිට පළාතක ඉන්න නිසා මට ඒකට අවස්ථා ගොඩක් අඩු වුණා. එහෙම නැත්නම් මම කලිනුත් ගොඩක් උත්සහ කරලා තියෙනවා මේකට. අපේ අම්මා තාත්තා නම් කිව්වේ ඔය වැඩේ අත ඇරලා හොඳට ඉගෙන ගන්න කියලා. ඒත් මම නම් උත්සාහය අත ඇරියේ නැහැ.මේ ගත්ත උත්සාහයේදී උත්සාහයේදී කලකිරිලා ආපහු හැරිලා එන්න හිතුන අවස්ථා නැතුව නෙවෙයි. ඒත් මම මගේ උත්සාහය අත ඇරියේ නැහැ. මටත් වඩා මගේ අයියා මම වෙනුවෙන් කැප වුණා. මම අහම්බෙන් අවස්ථාවක් හම්බෙලා ශේත්‍රයට ආපු කෙනෙක් නෙවෙයි. කැපකිරීම් කරලා පෙරුම් පුරලා මේ ශේත්‍රයට අඩිය තියපු කෙනෙක්. ඒ නිසා ඒ ආපු කටුක ගමන් මග ගැන මට ලොකු සතුටක් තියෙන්නේ.

මට රංගනයට මුලින්ම අවස්ථාව ලැබෙන්නේ මල් පිපෙන කාලේ කියන ටෙලි නාට්‍යයේ බන්ටිගෙ චරිතයට ම තමයි. ඒ තෝරා තෝරාගැනීමේ පරීක්ෂණය ට සිය දහස් ගණනක් ඇවිල්ලා තිබ්බා. තුෂාර සර් තමයි මට මේ අවස්ථාව ලබා දුන්නේ. මම වගේ ආධුනිකයන්ට මේ වගේ අවස්ථා ලබා දෙන ලක්සිරි සර්, චරිත් සර්, ගයාත්‍රි අක්කා, තුෂාර සර්, වගේ අය පිළිබඳව මගේ හිතේ ලොකු ගෞරවයක් තියෙනවා.රංගනයට එන්න කලින් මිනිස්සු මාව ටිකක් අඳුර ගන්න තිබුණා. ඒකට හේතුව වුනේ මම මියුසික් වීඩියෝ කිහිපයක වගේම වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් සම්බන්ධ වෙලා තිබීම. ඒ වගේම මේ දවස්වල ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන yohani ගායනා කරන මැනිකේ මගේ හිතේ ගීතයේ ඔරිජිනල් වීඩියෝ එකේ ඉන්නෙත් මම තමයි.

අනාගතයේ දී ඉතින්දී ඉතින් හොඳ නිර්මාණ කිහිපයකින් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. හැබැයි එහෙමයි කියලා අතිශයින් කාර්යබහුල වෙලා පෞද්ගලික ජීවිතේ නිදහස නැති කර ගන්න මම කැමැති නෑ. මගේ හිතේ සතුට සැහැල්ලුව දෙක රැකගෙන වෘත්තීය වශයෙන් රංගනයේ යෙදෙන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ.අපි ආදරේ ගැනත් පොඩ්ඩක් කතා කරමු නේද.දැන්නම් මට පෙම්වතියක් නැහැ. ඒත් පාසල් යන කාලේ ආල කතන්දර නොතිබුණා නෙවෙයි. දැන් මම වැඩිපුරම ආදරේ කරන්නේ ස්වභාවධර්මයට. මම ඉපදුන නාවලපිටිය තියෙන පරිසරයට මම හරිම ආදරෙයි.

මම ගොඩක්ම සරලව ගමේ විදියට ජීවත් වෙන්න ආස කරන කෙනෙක්. ඒ නිසා මම ආදරය කරන්න කැමති මම වගේ සරලව හිතන පතන කෙනෙක්ට මිසක් නළුවා කියන කෙනා විදිහට මම දිහා බලන, මට කැමති වෙන කෙනාට නෙමෙයි. එහෙම කෙනෙක් එක මට සරලව ජීවත් වෙන්න බෑ. ඒ නිසා කවදා හරි මගේ ආදරය දිනාගන්නෙ ඒ වගේ සරල කෙනෙක්. හැබැයි නිළියක් නම් මගේ පෙම්වතිය වෙන එකක් නෑ කවදාවත්.පවුල ගැන විස්තර ටිකක් කතා කරමු.මගේ ගම නාවලපිටිය මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මමයි අයියයි නංගියි. තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවක් කරනවා අම්මා ගෘහණියක් . මම ඉගෙන ගත්තේ නාවලපිටිය අනුරුද්ධ විද්‍යාලයෙන්. මේ වෙනකොට නම් පූර්ණකාලීනව රංගනයට යොමුවෙලා තියෙනවා.යොවුන් පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන කසුන් තාරක අදහස් පළ කරල තිබුණේ ඒ විදියට.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*