රටටම පෙන්න විවහා යෝජනාව කර මම විවාහ වුනේ වසර අටක් මට වඩා බාල මාමගේ දුවෙක් සමග. සුමිරාන්

නීල පබළු ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය තදින් තමා වෙත ඇද බැඳගත් ඔහු මේ වෙනකොට ජනප්‍රිය රංගන ශිල්පියෙක්. නිවේදන ශිල්පියෙක් වගේම දක්ෂ රංගන ශිල්පියෙක් ද වන ඔහු නමින් සුමිරාන් ධනංජය ගුණසේකර. නීල පබලු ටෙලිනාට්‍යයේ “අභිමාන්” ගේ චරිතය හරහා තමයි ඔහු ප්‍රේක්ෂක ආදරය වඩාත් තමන් වෙත ඇද ගන්නට සමත්වුනේ.

සුමිරාන් කියන්නේ කවුද කියලා ඇහුවහම ඔහු අපිට දුන්න පිලිතුර මෙන්න මේ වගේ එකක්.යාළුවෝ මට කතා කරන්නේ සුම්මා කියලා. මම කවුද කියලා කිදුවොත්, වෘත්තීයෙන් වයාපාරිකයෙක්,එහෙමත් නැත්තම් රංගන ශිල්පියෙක් කියලා කියන්නත් පුළුවන්. ඊට අමතරව අම්මට තාත්තට හොඳ පුතෙක්, මගේ බිරිඳට හොඳ සැමියෙක්, මගේ දරුවාට හොඳ තාත්තා කෙනෙක් වගේම සමාජයට හොඳ පුරවැසියෙක් කියලා කියන්නත් පුලුවන්.

ඔබගේ වෘත්තියට බිරිඳගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා ඇති නේද?මගේ බිරිඳ මාව හොඳටම තේරුම් ගත්ත කෙනෙක්. මම චරිතයක් කරහම ඒකේ තියෙන අඩුපාඩු එහෙම පෙන්නලා දෙන්නේ එයා. ඒ විතරක් නෙවෙයි ප්‍රේම ජවනිකාවල මම කරපුවා තව රොමෑන්ටික් විදිහට එහෙම කරන්න තිබුනා කියලා කියන්නෙත් එයා. මේ ගමන අඩු පාඩු හදාගෙන මේ තරම් දුරකට එන්න මගේ බිරිඳගෙන් ලැබුණ සහයෝගයනම් උපරිමයි. කවදාවත් රංගනය ඇතුලේ මේක කරන්න එපා, අරක කරන්න එපා කියලා එයා මට නීති දැම්මේ නෑ. ඒ තරමට එයා මට ලොකු සහයක් දෙනවා.

සුමිරාන්ගේ ප්‍රේම කතාව හරි ලස්සන එකක්ලු නේද ඒ ගැනත් අපිට ටිකක් කියමුද?අම්මෝ ඔව් ඒක හරි ලස්සනයි නේන්නම්. මගේ බිරිඳගේ තාත්තා නෑකමට ඈතින් මට මාම කෙනෙක් වෙනවා. ඒ හින්දා බිරිඳව මම ඉපදුන දවසේ ඉඳන්ම අඳුරනවා. පවුලේ අය එකට මුණ ගැහෙන තැන්වලදි එහෙම මම එයාව දකිනවා. ඕ වගේ කට්ටිය එකතුවෙලා ගිය ට්‍රිප් එකකදි තමයි මම එයාගෙන් යාලුවෙන්න ඇහුවේ. මුලින්ම අකමැති වුනත් ටික කාලෙකින් එයා මට කැමතිවුනා. එයා මට වඩා අවුරුදු අටක් බාලයි. කාලයක් යද්දි අපේ සමබන්දෙ ගෙදර අයට මාට්ටු වුනත් කවුරුත් අකමැති වුනේ නෑ. කොහොම හරි අපි අවුරුදු පහක් විතර ආදරේ කරා. අපිව අපිට සංසාරේ පතාගෙන ආව වගේ හොඳටම ගැලපුනා. ඉතින් අපිට අපි ගැලපෙනවා කියලා තේරුණ නිසා අපි මේක විවාහයකින්ම අවසන් කරා.”

ඔබව අපිට පුංචි තිරයේ නිතර දෙවේලේ දකින්න ලැබෙන්නෙ නෑ. ඒ මොකද සහ අනාගත බලාපොරොත්තු ගැන පොඩ්ඩක් කියමු.මෙහෙමයි. මම එක් වරකට බාර ගන්නේ එක චරිතයයි. නිතර දෙවේලේ දකින්න ලැබුනහම මිනිසෞන්ට වුනත් අපිව එපා වෙන්න පුළුවන්. ඒ නිසා මම බාරගන්න චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරන්නයි හැමවෙලේම උත්සහා කරන්නෙ.අනාගත බලාපොරොත්තු ගැන කීවොත් ඉතිං රංගන කටයුතු සාමාන්‍ය විදිහට කරලා මගේ දරුවාට හොඳ තාත්තා කෙනෙක් විදිහට ජීවත් වෙන්න තමා උත්සාහ කරන්නෙ.”

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*