ගෑනුලමයි ගොඩක් එයාට කැමති 6යේ ඒවා ගහද්දී ගෑනු ළමයි එයාට I Love You කියලා කෑගහනවා.බිරිඳ මිෂෙල්

කුසල් මෙන්ඩිස් කියලා කිවුවහම අපේ රටේ විතරක් නෙවෙයි ඔහුව මුළු ලෝකයක් හඳුනනවා. හේතුව තමයි ඔහු ලෝකයේ ගොඩක් පිරිසක් නරඹන ක්‍රීඩාවක් වන ක්‍රිකට් ක්‍රීඩාවේ තරුවක් වන නිසා. 1995 වර්ෂය ඉපදුන ඔහුට තවමත් වෙන්නේ අවුරුදු විසි හයක්. අද අපි සමග අදහස් බෙදා ගන්නේ එම ක්‍රීඩකයාගේ බිරිඳ වන වසර අටක ප්‍රේම සම්බන්ධතාවයකින් විවාහ වුණ මිෂෙල් ප්‍රනාන්දුත් එක්ක.

කුසල් මෙන්ඩිස් කියලා කියන්නේ ගොඩක් කාර්යබහුල චරිතයක්. ඒ වගේ කාර්යබහුලව චරිතයක් එක ගෙවන විවාහ ජීවිතය ගැන අපි පොඩ්ඩක් කතා කරමුද?ඇත්තටම කුසල් කියන්නෙ ගොඩක් කාර්යබහුල චරිතයක් තමයි. විවාහ වෙලා ඉන්න කාලේ වගේම යාලුවෙලා ඉන්න කාලෙත් එයා ගොඩක්ම හිටියෙ ගෙදරින් පිට. සමහර වෙලාවට මාස ගනන් නොදැක ඉන්න වෙලාවල් තියෙනවා. ගෙදර ඉන්න කාලෙට වුණත් උදේට ගියාම සමහර වෙලාවට රෑට තමයි ගෙදර ඉන්නේ. ගොඩක් වෙලාවට මම ඉන්නේ එයාගේ අම්මයි තාත්තයි එක්ක. ඒ වුනාට ඉතින් එයාගේ ජීවන රටාව වගේම එයාගේ කාර්‍යබාරය තේරුම් ගත්ත බිරිඳක් විදිහට මම මමත් සතුටින් ජීවත් වෙනවා.

අපි දෙන්නගෙම ගම මොරටුව. මීට අවුරුදු අටකට විතර කලින් තමයි අපි දෙන්නා ආදරය කරන්න පටන් ගත්තෙ. ඒ කාලේ මම උසස් පෙළ විභාගයට සූදානම් වෙන කාලය නිසා ගෙදරින් ලොකුවට කැමැත්තක් තිබුණෙ නැහැ. එයයි මමයි දෙන්න යාලුවුනේ පල්ලියෙදි. කුසල් හැමවෙලේම පල්ලි නොඑන කෙනෙක් වුණොත් එයා සන්ඩේ ස්කූල් එනවා. එතනදි මාව දැකලා තමයි එයා මගේ යාලුවෙක්ගෙන් මම ගැන අහල තිබුණේ. ඉතින් ඒ කාලේ එයා හිටියේ දහනවයෙන් පහළ ක්‍රිකට් කණ්ඩායමේ. යාලු වෙන්න කලින් මම එයාගෙන් අහන්න ඕන ප්‍රශ්න ටික ඇහුවා. එයා නම් කලින් ගෑනු ළමයෙක් එක්ක යාළුවෙලා හිටියලු. ඒක ටික කාලයකින් නතර වුණා කියලත් කිව්වා. මගේ නම් කුසල් තමයි ප්‍රථම ප්‍රේමය.

ඔබ ඔහුට කැමතිවුනේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා දැනගෙනද? ඔහු දවසක ජාතික කණ්ඩායමට එකතුවෙයි කියලා හිතුවද?මම මුලින්ම එයා ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා දැනගෙන හිටියේ නැහැ.මොකද මම ක්‍රිකට් වලට ඒ තරම් කැමැත්තක් දක්වන්නෙ නෑ. ටික කාලෙකින් තමයි මට එයා ඒ ගැන කිව්වෙ. ඒත් මට ඒක ගානක් ගියේ නැහැ. අපි ආදරේ කරලා ටික කාලෙකින් එයාට ජාතික කණ්ඩායමට යන්න හැකියාව ලැබුණා. ඒ ගැන නම් ඉතින් ලොකු සතුටක් තියනවා.

ඔහු ජාතික කණ්ඩායමට එකතු වෙද්දී ඔහු අහිමි වෙයි කියලා බයක් එහෙම දැනුනේ නැද්ද?ජාතික කණ්ඩායමට එකතු වුණාට පස්සේ කියලා නැහැ අපි දෙන්න යාළු වුණ දවසෙ ඉඳන්ම කුසල් ක්‍රිකට් එක්ක කාර්යයබහුල චරිතයක්. ඒ වගේම ටික කාලෙකින් එයා අපේ ගෙවල් වලටත් කියලා විවාහයට කැමැත්ත අරගත්ත නිසා මගේ හිතේ එයා ගැන කිසිම සැකයක් නැහැ. අදටත් එහෙම බයක් නෑ. මොකද අපි දෙන්නගෙ බැඳීම ඒ තරම්ම ශක්තිමත්.

එයා ක්‍රිකට් ගහද්දි මමත් එයාගෙ තරග නරඹන්න ගිහින් තියෙනවා. එයා හතරේ හයේ ඒවා ගහද්දි ගෑනු ළමයි කෑගහලා එයාට I love u කියලා තියනවා. ගැහැනු පිරිමි හැමෝගෙම ආදරය එක වගේ ලබන්න කෙනෙක් වාසනාවන්ත වෙන්න ඕනේ. ඒකට පිනක් කරලා තියෙන්න ඕන. ඒ පින කුසල්ට ලැබීම ගැන මගේ හිතේ සතුටක් මිසක් ඊර්ෂ්‍යාවක් කියලා දෙයක් නැහැ.පසුගිය කාලයේ කුසල්ට මාධ්‍ය වලින් එක එක ප්‍රතිචාර ලැබුනා ඒ ගැන මොකද හිතෙන්නේ?හොඳ නරක ප්‍රතිචාර කාලයෙන් කාලයට හැමෝටම එනවා. ඒ ගැන මම ප්‍රතිචාර දක්වන්න හිතන්නේ නැහැ.මොනදේ වුනත් දුකේදි සැපේදි දෙකේම මම එයත් එක්ක ඉන්නවා.ඇය ඒ විදිහට තමයි අවසන් වශයෙන් ඇගේ අදහස් පළ කරලා තිබුණේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*