කතරගම දේවාලේ කපු මහතෙක් සමග විවහාවුනු සුරූපී නිලි භාග්‍ය ගුරුසිංහ දැන් ගෙවන සුපිරි ජිවිතේ

භාග්‍යයා ගුරුසිංහ කියන්නේ කාලයක් පුංචි තිරය හැඩ කරපු දඟකාර තරුණියක්. නමුත් ඇයගේ විවාහයෙන් පස්සේ අපිට ඇයව නිර්මාණ තුළින් දකින්න හැකියාවක් ලැබුණේ නැහැ. ඇය බිරිඳක් විදිහට දරුවන් දෙදෙනෙකු සමග ගෘහ ජීවිතයට ප්‍රධානත්වය දෙමින් කටයුතු කරන බවට තමයි ආරංචිය. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇගේ සුන්දර කැදැල්ල ගැන.

ඉතින් භාග්‍යා ඔබ විවාහයත් සමග රඟපෑමෙන් ඉවත් වුණා නේද. ඉක්මනින් විවාහ වුණේ අපරාදේ කියලා හිතෙන්නේ නැද්ද? මම රංගනයෙන් ඉවත් වුණේ නම් විවාහයට කලින්.විවාහා වෙලා දැන් අවුරුදු පහක් වෙනවා. මම රංගනයෙන් දකින්න නොලැබීම පටන් අරන් නම් දැනට අවුරුදු හතක් වෙනවා. කොහොමටවත් කිසිම පසුතැවීමක් නැහැ. විවාහයෙන් පස්සෙ මම පූර්ණකාලීනව රංගනයෙන් සමු ගත්තා. මම විවාහ වෙලා ඉන්නේ කතරගම දේවාලයේ කපු මහත්තයෙක් සමග. එයත් ගොඩක් ගොඩක් වෙලාවට කාර්යබහුලයි. දරුවන්ගෙ වැඩ ගොඩක්ම කරන්නේ මම. ඒ නිසා රඟපෑම ගැන හිතන්න මට කොහොමත් කාලයක් නැහැ.

මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක්ට අවුරුදු හතරයි. අනික් කෙනාට අවුරුදු දෙකයි.රඟපෑමෙන් ඉවත් වුණාට ගෙදර ලමයිගෙ වැඩ කරලා ඉතුරු වෙන කාලයෙන් මම හිතුවා ප්‍රයෝජනයක් ගන්න. ඒ නිසා මම මගෙ නංගි නිශාදි ගුරුසිංග එක්ක එකතු වෙලා එකතුවෙලා රෙදි ව්‍යාපාරයක් පටන් ගත්තා. අපි දෙන්නට දැන් අපේ කර්මාන්ත ශාලාවක් තියෙනවා. online orders එහෙමත් අපි බාරගන්නවා හැම ඇඳුමක්ම නිර්මාණය වෙන්නේ නංගිගේ අතින්.

අපි දැක්ක භාග්‍යයා ගුරුසිංහ ට වඩා දරුවෝ ලැබුණට පස්සේ අපි දැක්ක කෙනා ගොඩක් මහත් වෙලා හිටියත් පස්සේ ඔබ ඇඟ පත එහෙම අඩු කර ගත්ත නේද? සැමියාද ඒ ගැන ඔබට කිව්වේ.ඇත්තටම බබාලා ලැබුණට පස්සෙ නම් මම හිතපු නැති විදිහට මහත් වුණා. කෑම පාලනය කරන්න කියලත් මම එච්චර උනන්දුවක් දැක්වුවේ නැහැ. ජිම් යන එකත් මම කම්මැලි වැඩක්. අපේ ගේ ළඟ අක්කා කෙනෙක් බල කරලා තමයි මම ජිම් එකට වුනත් ගියේ. ඒත් නොහිතපු විදියට කිලෝ පනස් නවයක් වෙනකම් මගේ ඇඟ අඩු වෙච්ච නිසා මට හිතුනා ඉතින් කෑම පාලනය කරගන්න. කරලා තව ටිකක් ඇඟ අඩු කර ගන්න ඕනේ කියලා. හස්බන්ඩ් නම් කවදාවත් මට ඇඟ අඩු කර ගන්න කියලා නැහැ. නීති දාලා නෑ. එයා කියලා කියල තියෙන්නෙ කැමති විදිහට කාලා බීලා නිදහසේ සතුටින් ඉන්න කියලා. මේක මම හිතලා කරපු දෙයක්.

මහත්තයා කපු මහතෙක් නිසා නිර්මාංශ කෑම කියලා එහෙම විශේෂයෙන් ගන්නවද.එහෙම නම් විශේෂයක් නැහැ. ඒත් දේවාලෙට යනකොට නම් මම සැමියා දරුවෝ කිසිම කෙනෙක් මාංශමය ආහාර ගන්නේ නෑ ඒ ඇරෙන්න කෑම බීම වල වැඩි වර්ගීකරණයක් නැහැ.විලාසිතා ගැන කිව්වොත් මම ලොකුවට විලාසිතා කරන්නේ නැහැ. පහසු ඇඳුම් තමයි මම තෝරාගන්නේ. ඒ දවස්වල කියලත් මම අමුතු විලාසිතා කරේ නැහැ කොටට අඳින්නත් මම ඒ තරම් කැමති නෑ. ඒ නිසා මම තෝරා බේරා ගත්තු ඇඳුම් තමයි දැනටත් අඳින්නෙ.

ඉතින් ඔබට පුතාලා දෙදෙනෙක් ඉන්න නිසා ඊලඟට බලාපොරොත්තු වෙන්නේ දුවෙක්ද.ආයේ දරුවෝ හදන්න බලාපොරොත්තුවක් නැහැ. මේ දෙන්න හොදටම ඇති. මේකත් ඉතින් එක්තරා විදිහට එකක් නිසා ආයෙ මෙහි රැග් එක කන නම් බලාපොරොත්තුවක් නෑ.ඒ විදිහට තමයි භාග්‍යා ගුරුසිංහ කියන ජනප්‍රිය රංගන ශිල්පිනිය අපිත් සමග ඇගේ වර්තමාන වතගොත බෙදාහදා ගත්තේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*