මම ආයේ ලංකාවේ කෙනෙක් බැදලා ඩිවෝස් වෙන්නේ නැ මම බඳින්නේ විදෙස් රටක කෙනෙක් පියුමි හංසමාලි

පියුමි හංසමාලි කියලා කියන්නේ අපේ රටේ ගොඩක් ජනප්‍රිය චරිතයක්. රංගන ශිල්පිනියක් විදිහට වගේම නිරූපණ ශිල්පිනියක් විදිහටත් කටයුතු කරන ඇය පිළිබඳව නිරන්තරයෙන් සමාජයේ කතිකාවක් ගොඩ නැගෙනවා. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ ඇයගේ විලාසිතා සහ ඇයගේ ජීවන රටාව කියලා අපි කාටත් නොරහසක්. ලෝකයා කුමක් කීවත් ජීවිතය විඳින ගැහැණියෙක් විලසින් තමාව හඳුන්වන ඇය කොහොමටත් හැමදාම ලස්සනට සතුටින් ඉන්න තරුණියක් විදිහට අපටත් හඳුන්වල දෙන්න පුළුවන්. ඉන්දීය සිනමාපටයකට පවා රංගන දායකත්වය ලබා දෙන්නට හැකියාව ලැබුණු වාසනාවන්තියක් තමයි පියුමි කියන්නේ. ඉතිං අද අපේ කතා බහ ඇය පිළිබඳව.

ඉතිං පිරිමි කොහොමද ජීවිතේ?ගොඩාක් සතුටින් සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. වර්තමාන වසංගත තත්වයට මුහුණ දෙන ගමන් තමයි ඉතින් හැමෝම වගේ මමත් ඉන්නේ.ඉතිං පියුමි ආදරේ ගැන වගේම ඔබගේ මුල්ම ආදරය සහ ගේ ආකර්ෂණය මුලින්ම ලබාගත් පිරිමියා ගැන අපි ටිකක් කතා කරමුද?ආදරය කියන දේ හොඳයි. ඉස්කෝලෙ යන කාලෙ නම් ආදරේ කියන දේ හිතට දැනෙන්න තරම් මට ඒ ගැන අවබෝධයක් තිබුණෙ නැහැ. නමුත් ආදරේ කියන දේ ගැන මට හොඳ අවබෝධයක් දැනෙන්න ගත්තෙ මීට අවුරුදු හතරකට පහකට විතර කලින්. ඒ ඒක කෙනෙක් නිසා. ඒත් ඒ ආදරේ මට අහිමි වුණා. අපි බැන්දේ නැති වුනාට වුරුදු හතරක් විතර එකට ජීවත් වුණා.

එයා මගෙත් එක්කම එකට හිතපු හින්දා ඒ මතකයන් මට ගෙන වේදනාව වැඩියි. ඒ ගැන මතක් කරද්දී පවා මට දුකයි. පිටින් පේන පියුමිට වඩා ඇතුලේ ඉන්න කෙනා සංවේදීයි. ආදරේට මම ආදරය කරනවා වගේම ආදරේ කරන කෙනා මට බොරු කරනකොට මට ඒක දරාගන්න බැරි තරම් දුකක්. ඒ නිසා තමයි දරාගන්න බැරිම දෙයක් වුණත් මම එයාගෙන් වෙන් වෙන්න තීරනය කලේ. සමහර අය මට මඩ ගහනවා. මම ගැන වැරදි කතා කියනවා. ඒ මොනව කියල කිව්වත් මමත් ගැහැනියක් කියන එක ගොඩක් අයට අමතක වෙලා.

විවාහ වෙන්න කියලා දැන්නම් ලොකු බලාපොරොත්තුවක් නැහැ. මම විවාහ වෙන්න ආසාවෙන් හිටියේ මම ආදරේ කරපු කෙනාත් එක්ක. එත් එයා ගියත් ගියාට පස්සේ විවාහ වෙන්න වුවමනාවක් නැහැ. නමුත් ආදරේ කරන්න තහනමක් නැහැනේ. තනිකම මකාගන්න මම කා එක්කහරි කතා කරයි. ළං වෙයි.ඒ ඇරෙන්න දික්කසාද වෙන්න බලාගෙන විවාහ වෙන්න අදහසක් නැහැ. මම විවාහ වෙනවා නම් විවාහ වෙන්නේ විදේශිකයෙක් එක්ක. මොකද ඒ මිනිස්සු ජීවිතය අරන් යන්නේ හරිම හොඳ අවබෝධයකින්. ලංකාවේ කෙනෙක් එක්ක විවාහ වෙලා දුක් විඳින්න බලාපොරොත්තුවක් මගේ නැහැ.

කලින් මම විවාහ වුණෙත් මම ආදරේ කරපු කෙනෙක් එක්ක තමයි. මම දෙවනියට ආදරේ කරපු කෙනා. විවාහ වෙද්දී මට වයස අවුරුදු දහ අටයි. අවුරුදු තුනක් එකට ජීවත් වෙද්දී ඇතිවෙච්ච ගැටුම් නිසා කතාබහ කරලා වෙන්වුණා. එයාටත් දැන් බඳින්න පෙම්වතියක් ඉන්නවා මගේ හිතේ කිසිම කෙනෙක් ගැන වෛරයක් නැහැ. මොකද මගේ පුතාගේ තාත්තා එයා. මට පෙම්වතුන් මොනතරම් හොයාගන්න පුළුවන් වුණත් මගේ පුතාට ඉන්නේ එක තාත්ත කෙනයි.
ඔබගේ විලාසිතා ගැන ඔබට මොකද හිතෙන්නෙ.

ඔබගේ පුතා සමාජගත වෙද්දී ඔබට ගැටලුවක් ඇති වෙයි කියලා හිතෙන්නේ නැද්ද.?සමහර විට ගැටලුවක් වෙයි. එයාට දැන් අවුරුදු දහයක් වෙනවා. දැනටත් මම කොට ඇඳුමක් එහෙම ඇන්දහම අහනවා ඔය මොකක්ද ඇදලා ඉන්නේ ඕක ඇඳගෙන පාරේ යන්න පුලුවන්ද කියලා. ඒත් ඉතිං මම කියනවා පැත්තකට වෙලා ඉන්න කියලා. මොකද මට මේ වගේ දේවල් අඳින්න වෙන්නේ තව අවුරුදු 4ක් 5ක් විතරයි.ඒ ඉන්න කාලෙ ඉතින් මම ජීවිතේ විඳිනවා.අනාගත බලාපොරොත්තු ගැන කියමුද?මට ඉන්දියානු නිර්මාණයකට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒල තමයි මට ජීවිතේ ලැබුණ හොඳම අවස්ථාව. ඒ කටයුතු සාර්ථක කරගෙන සාමාන්‍ය ජීවිතය සතුටින් ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*