living together තමා මාරු ඒ උනාට ළමයි අවජාතක වෙනවා ලංකාවේ නම් ඉසුරු දැන් කියන කතාව

ඔහු පියවරෙන් පියවර සෙමින් සෙමින් තම ගමන් මග සාර්ථක කරගත් තරුණයෙක් කියලා කියන්න පුළුවන්. ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියලා කියල කිවුවහම මෑතක අපිට ඉතා හොඳින්ම මතකය නැගෙන රුවක් කිව්වොත් නිවැරදියි. දක්ෂ හඬ කැවීම් ශිල්පියකු ලෙසත් දක්ෂ රංගන ශිල්පියෙක් ලෙසත් ඔහු ප්‍රේක්ෂක ආදරය දිනා ගන්නට සමත් වෙලා තියෙනවා. 1983 මාර්තු මස 23 උපත ලැබූ ඔහු මේ වන විට 38 වන වියේ පසු වනවා. රාහුල විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහුගේ ගම් පළාත වෙන්නේ වෙන්නේ මාතර. කාලයක් මොහු හමුදාවේ සේවය කළ පුද්ගලයෙක් ද වෙනවා.

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි පිළිබඳව කාලයෙන් කාලයට කතිකාවත් ගොඩ නැගෙන්නට වුණේ ඔහු එකිනෙකට වෙනස් චරිත ඉතා දක්ෂ ආකාරයෙන් නිරූපණය කිරීම හේතුවෙන්. හමුදාවේ සේවය කිරීමෙන් පසුව තමයි ඔහු රංගනට පිවිසෙන්නේ. රංගනය ආ මුල් දවස්වල ඔහු ලොකූ දුෂ්කරතාවයන්ට පත්වුනා කියලත් ඔහු ප්‍රකාශ කරලා තිබ්බා. සමහර අවස්ථාවල නිර්මාණ කටයුතුවලට මුදල් නොගෙවූ අවස්ථා අවස්ථාත් තිබුණා ලු. මොකද ගොඩක් කලාකරුවන්ට මේක වෙන දෙයක්ලු.අපි හැමෝම දන්න දෙයක් තමයි ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සහ සුරූපි රංගන ශිල්පිණී, වගේම දක්ෂ නර්ථන ශිල්පිනියක් වන තරින්දි අතර තිබෙන සම්බන්ධය ගැන.

දිනක් එක්තරා වැඩසටහනකට පැමිණි ඔහු ලිවින් ටුගෙදර් සම්බන්ධයෙන් තම අදහස් පළ කළේ මේ විදියට.living together කියන්නේ මරු සංකල්පයක්. හැබැයි ලංකාවේ සංස්කෘතියට අනුව විවාහය මරු. මොකද ලංකාවෙදි දරුවෙක් පාසලට දාගන්න දෙමවුපියන්ගේ නම් ඕන. එහෙම නැති වුනොත් දරුවා අවජාතකයි කියලා හංවඩු ගහනවා. එහෙම බලද්දී ලංකාවෙදි නම් විවාහය හොඳයි. එනිසා ඉතින් විවාහය කියන දේ ලංකාවට ගැලපෙනවා කියල තමයි මගේ නම් අදහස.

විවාහය සහ living together ගැන ඔහු දැක්වූයේ අන්න ඒ වගේ අදහසක්.ඒ වගේම ඔහු තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මං පොරක් වගේ හිතාගෙන කටයුතු කරන එකට තමන් ගොඩක් අකමැති බවයි. ඒ වගේම මනුස්සයෙක් එකේ හිනා වෙන්න නොදන්න මිනිස්සුන්ටත් ඔහු අකමැති බව තමයි ඔහු ප්‍රකාශ කළේ. තමන්ට වුණත් කෙනෙක් සර් කියලා කතා කරනවට ඉසුරු අකමැතියි කියලා ඔහු කියන්නේ.

ඒ වගේම දිනක් යූ ටියුබ් නාලිකාවක වැඩසටහනකදී, ජීවිතයේ ලොකුම වැරැද්ද මොකක්ද කියලා ඔහුගෙන් නැගූ ප්‍රශ්නයකට ඔහු දුන්නේ මේ වගේ පිළිතුරක්. “මම ජීවිතය කරපු ලොකුම වැරැද්ද තමයි මම යාළුවෙලා හිටපු පලමු පෙම්වතිය මාව දාලා වෙන කොල්ලෙක් එක්ක යාළු උනහම ඒ කොල්ලට ලොකු කනේ පාරක් ගහපු එක. ඒක තමයි මම ජීවිතේ කරපු පතම මෝඩ වැඩේ කියලා මම අදටත් කල්පනා කරනවා. ඒ මල්ලි කවදහරි දවසක මට හම්බ වුනොත් තරාතිරම නොබලා අනිවාර්යෙන්ම මම ඒ මල්ලි ගෙන් සමාව ගන්නවා.ඉතින් ලංකාවේ බිහිවුණු දක්ෂ රංගන ශිල්පියෙක් වුණු ඉසුරු ලොකුහෙට්ටිආරච්චිට අපි සුබ අනාගතයකට ප්‍රාර්ථනා එක් කරමු.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*