මම පිළිකාවෙන් දුක් විදින කාලේ මගේ බිරිඳ මාව දාලා ගියා දැන් මම ඉස්සරට වැඩිය හොදට ඉන්නවා සචිත් පිරිස්

සචිත් පීරිස් කිවුවවහම අපේ රටේ නොදන්න කෙනෙක් නැති තරම්. ප්‍රේක්ෂක ආකර්ෂණය නොමදව දිනාගන්න හැකියාව ලැබුණ ගීත බොහෝ ගණනක හිමිකාරයෙක් වුන ඔහු ගැන මෑත කාලයේ විශේෂයෙන් කතා බහ කරන්න පටන් ගත්තේ ඔහුගේ අසනීප තතවය නිසා. එයින් ඔහු බොහෝ සෙයින් පසුබෑමට ලක්වුනා. ඒ කතිකාවත අකා මකා දාලා ආයෙම ඔහු ගැන කතා කරන්න ගත්තේ ඔහුගේ අලුත් නිර්මාණයන් ගැනයි. කොහොම වුනත් කලින් ඔහුගේ නිර්මාණවලට තිබුණටත් වඩා ප්‍රතිචාර දැන් ලබෙන්න අරන් තිබෙනවා. ඒ ඔහුගේ අසනීප තත්වයට ලැබුන අනුකම්පාවක්ද කුමක්ද කියලා අහන ගමන්ම ඔහු සමග සිදුකරන ලද සංවාදයකදී ඔහු අදහස් දක්වා තිබුනේ පහත අකාරයෙන්.

සචිත් කොහොමද ඉතිං වර්ථමාන ජීවිතේ?දවසේ වැඩ කටයුතු කරගෙන, සංගීතයත් එක්ක සතුටින් දවස ගෙවලා දානවා ඉතින්. අසනීපයත් එක්ක මගහැරුණ කාලයේ වැඩ කොටස මේ ටිකේ සම්පූර්ණ කරමින් තමයි ඉන්නෙ. අඩුම තරමේ මාසයකට වතාවක් වගේවත් ගීතයක් නිර්මාණය කරන්න තමයි හිතාගෙන ඉන්නෙ.ඔබ කාලයක්ම නිහඬව ඉඳලා දෙව්ලියේ ගීතය තුලින් හොඳ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගන්නවා. ඒ ගැන පොඩ්ඩක් අපිට කියන්නකෝ.

“ඔව් මම කාලයක්ම නිහඬවෙලා ඉඳලා පහුගිය දෙසැම්බරයේ නාඩගම්කාරයෝ කියන ගීතය නිකුත් කරනවා. මම නොහිතුව තරම් හොඳ ප්‍රතිචාර ඒ ගීතයට හම්බවෙනවා. ඊට පස්සේ තමයි මම සමිතා මුදුන්කොටුව මහත්මියත් එක්ක දෙව්ලියේ ගීතය කරන්නෙ. ප්‍රේක්ෂකයන්ට නිර්මාණයක් දෙන්න මම ලොකු කාලයක් ගත්තා. ඒත් මේ ගීතයෙනුත් මම සෑහෙන්න සාර්ථක වුනා. ඒ වගේම තමයි සමිතා මුදුන්කොටුව මහත්මියගේ ගීත මම අහලා තිබුනා. ඒ නිසා මම තීරණය කරලා තිබ්බේ දෙව්ලියේ ගීතයට ගැලපෙනම හඬ සමිතා මහත්මියගේ කියලා.

වර්තමානයේ ගීතය සහ රූපරචනය සමග සම්බන්ධතාවයක් නෑ කියලා දෝෂාරෝපණ එල්ල වෙනවා ඔබටත් එහෙම වුනා නේද?ඒක වුනේ මෙහෙමයි. මම කාලයක්ම ඉංදියාවේ ජීවත් වුනා. ඒ කාලයේදි වයි දිස් කොලවෙරි කියන චිත්‍රපටයට සංගීත නිර්මාණය කරන්න මට අවස්ථාව ලැබුනා. ඒකෙදි මම වයි දිස් කොලවෙරි කියන ගීතයට සංගීත නිර්මාණය කරත් ඒ කාලේ රටේ තිබ්බ ත්ත්වය එක්ක මට ඉංදියාවේ ඉන්න පුලුවන් කමක් තිබ්බේ නෑ. මොකද සිංහල අයට ප්‍රශ්න ආවා. ඒ තත්වය එක්ක මම එහෙන් ආව නිසා ඒකොලවෙරි ගීතයට මම නිර්මාණ කරපු තනුව බාවිතා කරලා මම වෙන්න කියන ගීතය නිර්මාණය කරා. ඒකේ වචනවල කිසිම හරයක් නැතත්, තිබුණ ශබ්ධ රසය නිසා පිරිසක් ඒක වැළඳ ගත්තා. අන්න ඒ ගීතයට තමයි ඔය ගොඩක් අය මට බැන්නෙ.

සචිත් පීරිස් කියන්නේ පිළිකා මාරයා සමග සටන් කරපු තරුණයෙක්. ඒ අත්දැකීම ටිකක් මතක් කරොත්.ඔව් මම පිළිකා රෝගයෙන් පීඩා වින්දා. සමහර දවස් තිබ්බා ජීවිතේ අඩියටම වැටුන. මැරෙන්න හිතුන අවස්තා තිබුනා. ඒත් ඒ හැමදේම කාලයත් එක්ක මම දරාගන්න ඉගෙන ගත්තා. මගේ මනස සුවපත් කරගැනීම තුලත් මගේ ලෙඩේ හොඳ වෙන්න හේතු තිබුණා. අද වෙනකොට මම ජීවත් වෙන්නේ අතීතයේ නෙවෙයි. වර්ථමානයේ. ඒ නිසා මේ ගෙවෙන මොහොත මම සතුටින් ගෙවලා දානවා.

ඔබේ අසනීප තත්වය එක්ක ඔබේ බිරිඳ ඔබව දාල යනවා. ආයෙමත් ඇය ආවොත් ඔබ බාරගන්නවද?අතීතයේ මොන දේවල් උනත් මම ජීවත් වෙන්නේ මගේ වර්තමානයේ. මගේ ජීවිතේ මාව දාලා ගිය කෙනෙක්ව මම ආයේ බාරගන්නේ නැහැ. මගේ විවාහ ජීවිතය තිබ්බෙ ගොඩක් කෙටි කාලයයි. එයා ආයෙත් එන එකකුත් නෑ. ආවත් මම බාර ගන්නෙත් නැහැ. ජීවිතේ ආයෙමත් ඒ වගේ විඳවන්න මම ආස නෑ. දැනටත් මම පෙම්වතෙක් නෙවෙයි ඒ වගේම ආයෙ විවාහයක් කරගන්නත් තවම අදහසක් නැහැ. මම අසනීප වුණු කාලේ මගේ ලඟින්ම හිටියෙ මගේ අම්මා තාත්තා සහ සහෝදරයෝ දෙන්නා. ඉතින් මේ ගෙවන ජීවිතය තමයි මට සතුටු දායකම ජීවිතය. නිසා තවත් විදවන්න දේවල් මම ජීවිතයට කවදාවත්ම කවදාවත්ම ළං කර ගන්නේ නැහැ.”සචිත් පීරිස් අවසන් වශයෙන් අප සමඟ අදහස් දැක්වූ ඒ විදිහට.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*